ධම්මික පෙරේරාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම විසි කර දමයි…

Mr-Dhammika-Perera-1-1024x652

රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ –

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ  පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ ව්‍යාපාරික ධම්මික පෙරේරා  දිවුම්රුම් දීම වළකමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට  ඉල්ලා ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් පහ විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියෝග කළේය.

මෙම පෙත්සම් ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණී.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, විදේශීය මාධ්‍යවේදී මාධ්‍යවේදී රෝයල් රේමන්ඩ්, ප්‍රවීණ පරිවර්ථක ගාමිණී වියන්ගොඩ සහ සමාජ ක්‍රියාකාරිකයකු වන චන්ද්‍ර ජයරත්න ඇතුළු පස් දෙනකු විසින් ගොනුකරනු ලැබූ මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මැතිවරණ කොමිසම, පාර්ලිමේන්තු මහ ලේකම්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම්, ව්‍යාපාරික ධම්මික පෙරේරා සහ නීතිපතිපතිවරයා ය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තමන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙසින් පත් වීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න පිළිබද අධිකරණ තීන්දුව ලැබෙන තෙක් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමක් නොකරන බව ද ව්‍යාපාරික ධම්මික පෙරේරා   ඊයේ (20) ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු විය.


Exit mobile version