බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශබන්දු වැඩබලන පොලිස්පති බවට පත්කිරීම කාදිනල් තුමා පිළිකුලින් යුතුව හෙළා දකී… මේ පත් කිරීම මහා ම්ලේච්ඡ කමක් – කතෝලික සභාව කියයි!

by editor
නොවැම්බර් 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

ජනාධිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පත් කිරීම කාදිනල්වරයා පිලිකුළින් යුතුව හෙළා දකින බවත්, කතෝලික සභාව මෙය සලකන්නේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සිදුවුන විශාලම අවමානය ලෙස බවත් කතෝලික සභාව කැඳවූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී  අද (29)    සිරිල් ගාමිණී ප්‍රනාන්දු  පියතුමා ප්‍රකාශ කළේය.

සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා වැඩිදුටත් ප්‍රකාශ කළේ මෙම පත්කිරීම දීර්ඝ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා පොලීසියේ ගෞරවය කෙළෙසීමක් ලෙස කතෝලික සභාව දකින බවය. මෙම පුද්ගලයා ඇතුළු පොලිසියේ වගකිවයුතු නිලධාරීන් සිය රාජකාරිය නිසි අයුරින් ඉටු කළා නම් අහිංසක මිනිසුන් 273 දෙනකු ම්ලේච්ඡ ලෙස ඝාතනය කෙරුණ, තවත් මිනිසුන් 500 කගේ පමණ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ කළ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය  සිදු නොවන බවය.

ජීවිත සිය ගණනක් විනාශ වෙන්නට හළ පුද්ගලයෙක්, ඒ සඳහා චෝදනා ලද පුද්ගලයෙක්, පසුගිය වසරේ අරගලය අවුළුවා රට ගිනි බත් කළ පුද්ගලයෙක්, මුදල් වංචා පිළිබඳ චෝදනා ලද පුද්ගලයෙක් රටේ පොලිස්පති වරයාගේ වැඩ බැලීමට පත් කිරිම ම්ලේච්ච ක්‍රියාවක් බව ද සිරිල් ගාමණී පියතුමා පැවසුවේය.

බොරැල්ල අගරදගුරු මැදුරේ දී  මෙම   මධ්‍ය හමුව අමතමින්සි රිල් ගාමිණි ප්‍රනාන්ද පියතුමා මෙසේ ද පැවසුවේය.

“ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මා වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මා විසින් පත්කර ඇති බව දැන් සුළු වේලාවකට පෙර මාධ්‍ය වාර්තා කළා.”

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

“ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහත්මා කළ එම පත්වීම අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. එසේම එය අපි දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා.  මේ පත් කිරීම පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින්ට විරුද්ධව සිදු කළ විශාලම අවමානය ලෙසයි අපි දකින්නේ.”

“අහිංසක මිනිසුන් 273 දෙනකු ම්ලේච්ඡ ලෙස ඝාතනය කෙරුණ, තවත් මිනිසුන් 500 කගේ පමණ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ කළ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට පුළුවන්කම තිබියදී එය පැහැර හැරීම පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව මගින් චෝදනාවට ලක් කරලා ඔහුට විරුද්ධව විනය පරික්ෂණයන් සිදු කළ යුතු බවට නිර්දේශ කර තිබෙනවා. නමුත් මේ දක්වාම එවැනි විමර්ශනයන් සිදු කර නැහැ. “

“දේශබන්දු තෙන්නකෝන් වැනි අය තම රාජකාරිය නිසියාකාරව සිදු කළා නම් මේ අහිංසක මිනිසුන් 273 දෙනා අදටත් ජීවත් වෙනවා. තමන්ගේ රාජකාරිය, වගකීම පැහැර හරිමින් මිනිස් ජීවිත සියගණනක් විනාශ වන්නට ඉඩහැරිය දේශබන්දු තෙන්නකෝන් වැනි පුද්ගලයකු රටේ පොලිස්පති පදවියේ ඩබැලීමට පත් කිරීමත් ම්ලේච්ඡ ක්‍රියාවක් ලෙස අපි හඳුන්වනවා.”

“මේ හැරෙන්නට තවත් චෝදනා ගණනාවක් ඔහුට විරුද්ධව තියෙනවා.”

  1. 2022 මැයි 09 දා ගාලුමුවදොර පිටියේ සාමකාමී අරගලයට සිදුවූ මැර ප්‍රහාරය වලක්වා නොගැනීම.
  2. ජනාධිපති මන්දිරයේ තිබී හමුවූ රුපියල් 17 කෝටි 85 ලක්ෂයක මුදල නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් නොකර, මහජන ආරක්ෂාව භාර ඇමැතිවරයාට බාර දෙන ලෙස කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට උපදෙස් ලබා දීම.

“මේ හැම දේ පිළිබඳවම චෝදනාවට ලක්ව සිටින පුද්ගලයකු මේ රටේ පොලිස්පති ධුරයේ වැඩබැලීමට පත් කිරීමට කටයුතු කළ ජනාධිපතිවරයාට රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව කිසිදු හැඟීමක් නැති බවයි අපට පෙනී යන්නේ.”

“පොලිස්පති ධුරයට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මාගේ නම යෝජනා කිරීම හෝ නොකරන්නැයි අති උතුම් කාදිනල් හිමිපාණන් වගේම ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවත් පසුගිය කාලයේ දී ජනාධිපතිවරයාගෙන් ලිපි මගින් ඉල්ලා සිටියා. ඒ වගේම නීතිඥවරුන් ඇතුළු විවිධ වෘත්තිකයින් සහ සාමාන්‍ය පොදු මහජනතාව අතරින් ද මේ පත් කිරීමට එරෙහිව විරෝධයක් රට තුළ තිබූ බවත් අපි දන්නවා.”

“ඒ කිසිදෙයක් ගැන නොතකා ජනාධිපතිවරයා මේ පත්වීම කර ඇත්තේ, මහජන ආරක්ෂාව සහ පොලීසිය බාර ටිරාන් අලස් අමාත්‍යවරයා ඇතුළු ජනාධිපතිවරයා වටේ සිටින බලලෝභී කිහිප දෙනෙකනුගේ පැවැත්ම ආරක්ෂා කරදීමට බව පැහැදිලියි. මෙම පත්කිරීම දීර්ඝ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා පොලීසියේ ගෞරවය කෙළෙසීමක් ලෙස අපි දකිනවා.”

“වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මා පත්කිරීමේ තීරණයට අති උතුම් කාදිනල් හිමිපාණන් දැඩි ලෙස විරෝධතාවය ප්‍රකාශ කරන අතර එය පිළිකුලෙන් හෙළා දකින බව නැවත වතාවක් අපි අවධාරණය කරනවා.”

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ෂම්මි එන්න… බන්දු එන්න… ටිරාන් ඉන්න රොෂාන් යන්න…

Next Post

දරුවන්ට පොලිතින් කැවූ නාවලපිිටිය විදුහල්පති 04 වැනිදා දක්වා රිමාන්ඩ්…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.