එන්නත් දෙවන මාත්‍රාව සඳහා දේශපාලකයන් හා නෑ හිතවතුන් අලජ්ජී පොරයක…

කොවිෂීල්ඩ් පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් දේශපාඥයන්, ඔවුන්ගේ ඥාතීන්, දරුවන් හා හිතමිතුරන් දෙවැනි එන්නත් මාත්‍රාව ලබා ගැනීම සඳහා එන්නත් ලේඛණයේ මුලට පැමිණිමේ පොරයක යෙදී සිටින බව   සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ලද කොවිෂීල්ඩ් එන්නත පළමු වටයේ ලබා සිටින මෙම පිරිස එම එන්නත්වල සීමිත ප්‍රමාණයක් ඉතිරිව ඇති නිසා එය ලබා ගැනීමේ පොරයක මේ පක්ෂ විපක්ෂ දේශපාලකයන් නිරතව සිටින ආකාරය කළකිරවනසුළු බව සෞඛ්‍ය අංශ පවසයි.

පළමු එන්නත් වර්ගයම දෙවැනි එන්නත ලෙස ලබා ගැනීම වඩාත්ම යෝග්‍ය බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ වීමත් සමග මෙම තත්වය උත්සන්න වී ඇති බව දැනගන්නට තිබේ.


මේ අනුව ඉන්දියාවෙන් ගෙන්වන ලද කොවිෂීල්ඩ් එන්නත්වලින් දෙවැනි වටයේ එන්නත් ලබා දීම සඳහා ඉතිරිව ඇත්තේ ලක්ෂ තුනකට ආසන්න එන්නත් සංඛ්‍යවක් බව සෞඛ්‍ය අංශ පවසයි

පළමු එන්නත ලබා ගැනීමේ දී බොහෝ දේශපාලකයන් එන්නත් තම නිවෙස්වලට ගෙන්වා වෛද්‍යවරු මගින් සිය ඥාතීන්ට හා හිත මිතුරන්ට ලබා දී තිබිණි. ඒ ආකාරයටම දෙවන මාත්‍රාවත් ලබා ගැනීමට මෙම දේශපාලකයන් කටයුතු කරමින් සිටින බව ඉහත ආරංචිමාර්ග තහවුරු කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර අවුරුදු 18 වැඩි අයට එන්නත ලබා දීම සිදුකරන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර තිබුණත් ඇතැම් දේශපාලකයන් සිය දරුවන් හා සිය ඥාතීන්ගේ වයස අවරුදු 18ට අඩු දරුවන් සඳහා එන්නත් ලබා දී ඇතැයි හෙළිවේ.

Exit mobile version