ලෙඩ්ඩු බෙහෙත් නැතිව රෝහල් තුළ මිය යති! වෛද්‍ය සංගම් හෙළි කරයි.!

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම්පිලිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය රෝහල් තුළ බෙහෙත් නැතිව මැරෙන රෝගීන් ගැන හෙළිකරයි...

death

රෝහල් රැසක මේ වන විට දැඩි සත්කාර, හදිසි ප්‍රතිකාර හා ශල්‍යකර්ම  සදහා අවශ්‍ය ඖෂධ සහ රසායනිකයන් නොමැති වීම හේතුවෙන් රෝගීන් කිපදෙනෙකු මරණයට පත්ව ඇති බවට තොරතුරු ලැබී ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම්පිලිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

රෝහල් කීපයකම වෛද්‍යවරුන් මේ බව තම සන්ධානයට දැනුම් දුන් බවද එහි සභාපති වෛද්‍ය චමල් සංජීව   සදහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණවල හිඟය ඉදිරියේදී තවත් උග්‍රවනු ඇති බැවින් රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්වි පෙර කිසිම දිනක ඇති නොවූ ඉතා අසීරු තත්ත්වයකට සෞඛ්‍ය ක්ෂේත්‍රය පත් වනු   ඇති බවද හෙතෙම පැවසීය. 

Exit mobile version