දෙවෙනි දෝෂාභියෝගයෙනුත් පැරදුණු ට්‍රම්ප්  පරාජිත ජනාධිපතිවරුන් අතර වාර්තාගත වෙයි 

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම ධුරයේ කල් ඉකුත් වීමට දින කිහිපයක් තිබියදී දෙවන වතාවටත් අද දෝෂාභියෝගයකින් පරාජයට පත්විය.

පසුගියදා ජනාධිපතිවරණ ප්‍රතිඵල නිල වශයෙන් සහතික කිරීමේ අවස්ථාවේදී වොෂින්ටන් හි කැපිටෝල් ගොඩනැගිල්ලේ දී කලහකාරී වාතාවරණයක් නිර්මාණය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මෙම දෝෂාභියෝගය ඉදිරිපත් වූ අතර ඇමෙරිකානු සෙනෙට් සභාවේ මන්ත්‍රිවරුන් 232ක් මෙම දොෂාභියෝගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණේ සෙනෙට් සභිකයන් 197 දෙනෙකි.

මෙම දෝෂාභියෝගය ඇමෙරිකානු ඉතිහාසයේ ජනාධිපතිවරයකුට එරෙහිව ඉදිරිපත් වූ සිව්වෙනි දෝෂාභියෝගය වන අතර එයින් දෙකක්ම ට්‍රම්ප් ජනාධිපතිවරයාට එරෙහිව වීම විශේෂත්වයකි.


ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් පසුව එම ප්‍රතිඵල පිළිගත නොහැකි බවට දිගින් දිගටම ප්‍රකාශ කළේය.  පසුගියදා නිල ප්‍රතිඵල සහතික කිරීමේ අවස්ථාවේදී එම ක්‍රියාවලිය කඩාකප්පල් වන ආකාරයට ඇමෙරිකානු ෆෙඩරල් රජයේ ප්‍රධාන නිල කටයුතු මෙහෙයවන ගොඩනැගිල්ලවන කැපිටොල් ගොඩනැගිල්ලට කැරලිකාර ආධාරකරුවන් පිරිසක් උසිගැන්වීමේ චෝදනාව මත ඔහුට දෝෂාභියෝගය එල්ල විය.

මෙම සිදුවීම නිසා පසුගියදා ඇමෙරිකානු ඉතිහාසයේ නොමැකෙන කළු දිනයක් වාර්තා වූයේය.  ගැටුම හේතුවෙන් කාන්තාවක ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු ජීවිතක්ෂයට පත්වුහ.   විශාල පිරිසක් තුවාල ලැබූහ.

මෙම සිදුවීමෙන් පසුව ජනාධිතිවරයාට එරෙහිව කැරැල්ලක් සඳහා උසිගැන්වීමේ චෝදනාව මත ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ මූලිකත්වයෙන් දෝෂාභියෝගයක් ගෙන ආවේය. එම දෝෂාභියෝගය අද විභාගයට ගැනුණි. එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප්   නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂ සෙනෙට් මන්ත්‍රිවරුන් 10 දෙනකු ද මෙම දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

දෝෂාභියෝගයේදී තීරණාත්මක කාර්යයක් සිදු කළ ඇමෙරිකානු කතා නායිකා නැන්සි පෙලෝසි අවධාරණය කළේ ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ රටේ පොදු ජනතාවට සහ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කැරලිකරුවන් උසිගැන්වූ බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ නිසා ඔහු අනිවාර්යයෙන් යා යුතු බවත් අප සැවොම ආදරය කරන ඇමෙරිකාවට ඔහු සැබැවන්ම අනතුරක් බවත් නැන්සි පෙලෝසි මෙම දෝෂාභියෝගයට පෙර සෙනෙට් සභාවේදී ප්‍රකාශ කළාය.

Exit mobile version