“දෙවියන් ළඟට මා යන ගමන නිසා පවුලේ අයට ගොඩක් කරදර වේවි”

ෂැංග්‍රිලා බෝම්බකරු අවසන් වරට තම දෙමාපියන්ට දුන් පණිවුඩය 

පසුගිය වසරේ අප්‍රියෙල් 21 වැනිදා ඉස්ලාමික අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයේදී කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයට ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉල්හාම් අවසන් වරට තම පවුලේ සාමාජිකයන් වීඩියෝවක් මඟින් අමතා බිරිඳ මාර්ගයෙන් පවුලේ අය වෙත ලබා දී තිබේ.

අප්‍රිෙයල් 21 වැනිදා මධ්‍යම රාත්‍රිෙය් හදිසියේ දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසට එන ඔහු මෙම හඬපටය පටිගත කොට පසුදින උදෑසන දෙමාපියන්ට ලබා දෙනව ලෙස තම බිරිඳ වන ෆාතිමා අතට ලබා දී තිබේ. එයින් පසුව ඔහු බිරිඳ සහ දරුවන් බදාලෙන හඬා වැලපී ඔවුන්ට සමුදී නික්ම ගොස් ඇති බව පසුව සිදු කළ පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත.

ඔහු පෙන්ඩ්‍රයිව් එකක තබා තිබූ මෙම හඬ පටය බිරිඳ විසින් ලබා දී ඇත්තේ ඉල්හාම්ගේ බාල සොහොයුරිය වන ඉස්මයිල් වෙතය. ඔවුන් සියලු දෙනා මෙම පහඬ පටය ශ්‍රවණය කර ඇත්තේ ප්‍රහාරය සිදුවී ටික වෙලාවක් ගිය පසුවය.


මෙම ප්‍රහාරය පිළිබඳව ලද මූලික තොරතුරු මත පොලිසිය ඔවුන් විසූ දෙමටගොඩ මහවිල උද්‍යානයේ සුපිරි නිවාසය වෙත එන්නේ එම වීඩියෝව නරඹමින් සිටින විටදී ය.

ඒ මොහොතේදී ඉල්හාම්ගේ බිරිඳට ඉහළ මාලයකට ගොස් බෝම්බයක් පුපුරවාලෙන සිය දිවි නසා ගත්තාය.

ඉල්හාසම්ගේ අවසන් හඬ පටයේ සිංහල පරිවර්තනය මෙසේ දැක්වෙයි.

“අම්මා කරන වැරදි වැඩවලට දෙවියන්ගෙන් සමාව ගත යුතුයි
හදිසියේම වෙලාවක් නැතිව තමයි මේ පනිවිඩය දෙන්නේ. ගොඩාක් දේවල් ගැන කතා කරන්න කියල හිතුවා. නමුත් ඒකට අවස්ථාවක් ලැබුණේ නැහැ. මං කෙටියෙන් කියන්නේ අම්මා කරන වැරදි ක්‍රියාවලට දෙවියන්ගෙන් සමාව ගත යුතුයි. ඒ වගේ එයා පියාගේ ඇදහීම් සමඟ අන්‍යාගමිකයන් සමඟ සම්බන්ධතා පැවැත්වීම හාමුදුරුවන්ට ආධාර ලබා දීමේ කටයුතුවලින් මිදෙන්නට බැරිව ගියාට ඒවා සික් කුෆුර් කටයුත්තක්. මෙම පටිගත කිරීම ඔබලා අහන විට මම දෙවියන් ළඟට ගිහින් ඉඳිවී දෙවියන් පිළිගන්නට ඕන මේ සියදිවි නසා ගැනීමක් නොවේ තමා විසින් කරන දානයක් කියලා.

එසේ කියන්නට හේතුව මේ දෙවියන්ගේ මාර්ගයෙන් කරන දෙයක්. නිකං මැරෙනවා නම් මගේ ගෙදරදීම බෙල්ල කපා ගන්න පුළුවන්. නැත්නම් කොහේ හරි ගිහින් පනින්න පුළුවන්. මම මෙහෙම අන්‍යාගම්වල අයව මරාගෙන මැරෙන්නේ දෙවියන් ගාවට යන්න ඕන නිසයි. මෙම ප්‍රශ්නවලින් මම මිදෙන්න ඕන. නබිතුමා කියල තියෙනවා ප්‍රශ්න තියෙන කාලේ හොඳ භක්තිකයෙක් නම් මිය යාමට කැමැති විය යුතුයි කියල. මම හොඳ ගනුදෙනුවක් දෙවියන් එක්ක කළා.

ඒ කියන්නේ මගේ ශරීරයේ තිබූ ජීවිතය මගේ මුදල්, දේපළ දෙවියන්ගේ මාර්ගය වෙනුවෙන් කැප කළා. මං හැමදාම යාඥා කළා. දෙවියන් මට හීනෙන් කීවා මම මේවා වෙනුවෙන් කිසිම දෙයක් කළේ නෑ කියල. දෙවියෝ ආදරේට තමයි මට මේ මාර්ගය පෙන්නුවේ. මා ළඟ තියෙන ගොඩක් පව් අයින් කර ගන්න පුළුවන් මරණයට පත්වීම හේතුවෙන්.

සරියා මේ රටට එන්න ඕන. දෙවියෝ, කුරාණය කියන්නේ ප්‍රශ්න සියල්ල ඉවත් වීමට, ආගම සම්බන්ධයෙන් සියල්ල පිළිපදින තෙක් යුද්ධ කරන්න කියල. කුරාණය අනිවාර්යයෙන් කියවන්න.හදීස් කියවන්න. නබිතුමා යම් දෙයක් සම්බන්ධයෙන් ක්‍රියා කර ඇති ආකාරයෙන්ම ක්‍රියා කරන්න. එවැනි දේවල මහජනතාවගෙන් අදහස් ගැලපෙන්නේ නැතිව ගියත් එය කරන්න. නබිතුමා අපට හොඳ උගතෙක්. දෙවියෙක්. දෙවියෝ කියපු එක තමයි නබිතුමා කිව්වේ. නබිතුමා හැම දෙයක් ගැනම ක්‍රියා කළේ කොයි විදිහටද ඒ විදිහට ක්‍රියා කරන්න සියලු දෙනා ඉගෙන ගන්න.

ඉස්ලාමික රාජ්‍යයක අන්‍යාගමිකයන් සමඟ කොයි විදිහකටද කටයුතු කරන්න ඕන. ඉස්ලාම් නොවන රාජ්‍යයක් කොයි විදිහටද කටයුතු කරන්න ඕන කියන එක හැමෝම දැන ගන්න ඕන. මේවා සාමාන්‍ය දේවල්.
මට සමාව දෙන්න
අම්මටයි තාත්තටයි කියන පනිවිඩය තමයි මට සමාව දෙන්න.

මම හිතාමතා ඔයගොල්ලන්ට වරදක් කළේ නෑ.මං නිසා ඔයාලට කරදර අපහසුතා වෙන්න පුළුවන්. මම මේ මාර්ගය තෝරාගත්තේ එය දෙවියන්ගේ මාර්ගය නිසයි. මේ නිසා අපේ පවුලේ අයට කරදර වෙයි. මගේ අයියලා මල්ලිලාට කරදර වෙයි. මගේ අම්මා තාත්තාට කරදර වෙයි කියල මට මේ මාර්ගය තෝරා නොගෙන ඉන්න බෑ. මේ වගේ කරදර ආවත් ඒ දෙවියන් වෙනුවෙන් කරන දෙයක්. අපි යම් යම් දේ ගැන පරස්පරතාව පවත්වාගෙන ගියාද ඒවායේ හරි තීන්දුව ඊළඟ ආත්මයේදී දෙවියන්ගෙන් දැන ගන්න පුළුවන්.ස්තූතියි.

මට ඔයගොල්ලේ මෙයින් පස්සේ බැන්නත් ඊළඟ ආත්මේ වෙනකල් කරගෙන ගියත් මම සමාව දෙනවා. ඒ නිසා මටත් සමාව දෙන්න. මං නිසා කරදර ආවත් දරා ගන්න.මා හිතාමතා කිසිම කරදරයක් ඔබට දුන්නේ නෑ. මේ ක්‍රියාදාමය නිසා මා ඉදිරියේ නිෆාත් තත්ත්වයට පත් වෙනවා.

මමයි ඉන්ෂාෆුයි නිසා අම්මට තාත්තට හිරේ යන්න වෙන්නත් පුළුවන්
ඊළඟ එක මමයි ඉන්ෂාෆුයි අති උසස් ක්‍රියාදාමයකට යනවා. අපි මරණයට පත් වෙනවා. ඒ හේතුවෙන් මෙම පවුලට ගොඩක් කරදර විය හැකියි. පොලිසියෙන් අම්මා තාත්තා වුණත් අත්අඩංගුවට ගන්න පුළුවන්. සමහර විට හිරේ දාන්නත් පුළුවන්. මට වෙන ක්‍රමයක් නෑ. මේ ගැන බැලුවොත් දෙවියන්ගේ මාර්ගයෙන් කටයුතු කරන්න බෑ. ජිහාත් කියන එක මේ කාලේ අනිවාර්යයි. මුස්ලිම් අයවලුන්ව පොකුරු පිටින් මරල එම බල්ලෝ ටික අපේ ඇහැ ඉදිරියේ සංචාරය කරනවා. භුක්ති විඳිනවා.

ඒ වෙනුවෙන් පළිගන්න අපි ඒ බල්ලන්ව මරනවා. ඔයගොල්ල කැමති වුණත් අකමැති වුණත් දෙවියන්ගේ නාමෙන් අපි ඒ දේ කරනවා”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයට පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉල්හාම්

Exit mobile version