දෙවන එන්නත් මාත්‍රාව සොයා ගැනීමට ජනපති ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී අමතයි..

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ මුල් මාත්‍රාව ලබා ගත්  ශ්‍රී ලංකාවේ ජනතාවට එහි දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ   ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් අතර අද පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවති බව ජනාධිපති ලේකම් කාර්යලය නිවේදනය කරයි.

එම සාකච්ඡාවෙන් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස්  ශ්‍රී ලංකාවේ ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට අවශ්‍ය එන්නත් මාත්‍රා ලක්ෂ 6 සපයා ගැනීමට උදව් කරනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය විශ්වාසය පල කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට  ලොවපුරා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 20ක අවශ්‍යතාවයක් ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබිණි.


Exit mobile version