දෙමළ සංචිතයේ සම සභාපති ධූරයෙන් විග්නේස්වරන් ඉල්ලා අස්වෙයි

දිනසේන රතුගමගේ

උතුරු නැගෙනහිර සියලු දෙමළ දේශපාලන පක්ෂ එකමුතු කර ගැනීම සදහා පිහිටුවා ගන්නා ලද දෙමළ සංචිතයේ සම සභාපති ධූරයෙන් සී.වී.විග්නේස්වරන් මහතා 20 දා ඉල්ලා අස් වී තිබේ.

මෙම සංචිතයේ අනෙක් සම සභාපතිධූරය දරණු ලබන්නේ මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා වන අතර විග්නේස්වරන් මන්ත්‍රීවරයා තමන්ගේ ධූරයෙන් ඉල්ලා අස්වන බව ලිපියක් මගින් මාවෙයි සේනාධිරාජා මහතා වෙත දැණුම් දී තිබේ.


වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දීමක් සිදු නොකරණ නිසාත් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට සූදානමක් ඇති බවට පැතිර යන ආරංචිත් සමග යාපනයට එක් රැස් වූ දෙමළ දේශපාලන පක්ෂ කීපයක් මේ වෙණුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග විමසා බැලීමක් සිදු කරණ ලදී.

මෙම දෙමළ දේශපාලන පක්ෂ යාපනයේදී වෙන වෙනම රැස් වී මේ තීරණ ගත් නමුත් අවසානයේදී විග්නේස්වරන් මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කොට තිබූ යෝජනාවකට අනුව උතුරු නැගෙනහිර සියලුම දෙමළ දේශපාලන පක්ෂ එකතු වී මේ රජය ගන්නා ක්‍රියා මාර්ග වලට විරෝධය පලකිරීමට තීරණය කළහ.

ඒ අනුව දෙමළ සංචිතයක් පිහිටුවා ගෙන ඒ ඔස්සේ කටයුතු කිරීමට තීරණය කළ අතර එහි සම සභාපති වරුන් ලෙස දෙමළ ජාතික සන්ධානය වෙණුවෙන් මාවෙයි සේනාධිරාජා මහතාත් තමිල් මක්කල් දේශීය කූට්ටනි පක්ෂය වෙණුවෙන් විග්නේස්වරන් මන්ත්‍රීවරයාත් තෝරා පත් කරගෙන තිබුණි.

විග්නේස්වරන් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීම සමග කියා සිටින්නේ එම තනතුර නැගෙනහිර පළාතේ දේශපාලනඥයෙකුට ලබා දී දෙමළ සංචිතයේ නැගෙනහිර පළාතේ බලය වැඩි කළ යුතු බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශේෂයෙන්ම රජය 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට ක්‍රියා කළහොත් දෙමළ දේශපාලන පක්ෂ සියල්ල එකතු වී නිර්මාණය කළ දෙමළ සංචිතය ඉන්දියාවට ගොස් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුලු රජයේ සහය ලබා ගත යුතුව ඇතැයි විග්නේස්වරන් මන්ත්‍රීවරයා මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයාට පැහැදිලි කොට දී තිබේ.

Exit mobile version