දෙමටගොඩ රුවන්ව නිදහස්කර දෙන්නම් යැයි කියා දෙමටගොඩ රුවන්ගේ පුතාගෙන් රුපියල් කෝටි එකහාමාරක් ලබාගත් දෙදෙනා අතර සිටින එරික් කාන්චන නැමැත්තාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පොලිස් ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස හඳුන්වා දෙමින් පොලීසියේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් , කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, අධ්‍යක්ෂකවරු සහ විශේෂ පොලිස් අංශවල ප්‍රධානීන් රැසකට හඳුන්වාදී තිබී ඇතැයි හෙළිවෙමින් තිබේ.
අමාත්‍යංශයේ නිතර කරක් ගසමින් සිටි එම පුද්ගලයාව අදාල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය කරමත තබාගෙන සිට ඇති බව පෙනී යන බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
අදාල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පසුගිය කාලයේ අදාල පුද්ගලයාගේ පස්සෙන්ම සිටි බව පොලිස් ස්ථානාධිපතිවරු රැසක්ම දැක තිබේ.
එම ස්ථානාධිපතිවරු සදහන් කරනුයේ එම පුද්ගලයා පොලිස් ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස තමන්ටද අදාල පොලිස් ප්‍රධානියා විසින් හඳුන්වා දුන් බවය.