දෙමටගොඩ චමින්දගේ සොයුරාට පකිස්තානයෙන් කුඩු කිලෝ 1500ක් ඇවිත්

පොලිස් විමර්ෂණයකින් හෙළිවෙයි

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා  ඝාතනය සම්බන්ධයෙන් මරණීය දන්ඩනය නියම වී සිටින දෙමටගොඩ චමින්දගේ  සෙහෝදරයා වන දෙමටගොඩ රුවන්ට හෙරොයින් සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 1500 කට වැඩි ප්‍රමාණයක් පකිස්තානයේ ඡාවාරම්කරුවන් මගින් ලැබී ඇතැයි විශේෂ පොලිස් විමර්ශනයකින් හෙළිවී තිබේ.

එම මත්ද්‍රව්‍ය වසරක් වැනි කාලයක් තුළ ලැබී ඇති බවත් මත්ක්ඩු තොග බෝට්ටු මගින් මෙරටට රැගෙන ඒමේ සම්බන්ධිකරණය කර ඇත්තේ  තොඩුවාවේ පදිංචිකරුවෙක් බවට තොරතුරුද අනාවරණය වී ඇත. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බහුදින යාත්‍රාවක පටවා හෙරොයින්  කිලෝ 340 ක් මෙරටට රැගෙන එමින් සිටි   ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙක් ඉකුත් සතියේ ඉන්දියානු මත්ද්‍රවය කාර්යංශයේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබුණි. ඒ සම්බන්ධයෙන් දෙරට අතර තොරතුරු හුවමාරුවෙමින් කෙරෙන විමර්ශනයකින් දෙමටගොඩ රුවන්ට මත්කුඩු කිලෝ 1500 ක් ලැබීම ගැන තොරතුරු හෙළිවී තිබෙන බව සදහන්ය.


Exit mobile version