දුමින්ද සිල්වා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති තනතුරට…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස ආර්.දුමින්ද සිල්වා පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අනුමැතිය දී තිබේ.

ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පිටපත් යොමු කරමින් ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කීර්ති අබේවර්ධන වෙත මේ බව ඊයේ 917) ලිඛිතව දන්වා යවා ඇත.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ දී මරණීය දණ්ඩනය නිමයවී සිට ජනාධිපති සමාවෙන් නිදහස්ව පැමිණි පසු මීට තෙදිනකට පෙර ආර්. දුමින්ද සිල්වා අග්‍රාමාත්‍යවරයාවත් හමු වී තිබුණේය.

ආර්. දුමින්ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සේම වත්මන් ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්ව කටයුතු කළ අවධියේ එම අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස ද කටයුතු කළේය.

Exit mobile version