භාරත මරා පෝරකයට ගිය දුමින්ද සිල්වා විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස්….

Duminda Silva

භාරක ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර  නඩුවේ විත්ති කරුවෙක් වී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මත මරණීය දණ්ඩනය නියම වී සිටින දුමින්ද සිල්වා විශේෂ ජනධිපති සමාවක් මත අදට යෙදී ඇති පොසොන් පොහොය දිනයේ නිදහස් වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග තහවුරු කළේය.

මේ වනවිට කොවිඩ් පරීක්ෂාව ඇතුළු වෙනත් නෛතික කටයුතු සිදුකර අවසන් බවත් තව ස්වල් මොහොතකින් ඔහු අප අතරට පැමිණෙන බවත් දුමින්ද සිල්වාගේ පාර්ශවයේ නීතිඥවරු පැවසූහ.

2011 වසරේ ඔක්තෝබර් 08 වන දා බස්නාහිර පළාත් සභා ඡන්දය පැවති දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වැරදිකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණීය දණ්ඩණය නියම වූයේ, 2016 වසරේ සැප්තැම්බර් 08 වෙනිදාය.


මෙම ඝාතනයට දුමින්ද සිල්වා ඇතුළු කණ්ඩායම වගකිය යුතු බවට සාක්ෂි මගින් තහවුරු වී ඇති බව කී බහුතර විනිසුරුවරු ඒ අනුව මරණීය දණ්ඩනය පනවන බව පවසා සිටියහ.

අනතුරුව අදාළ මරණ දණ්ඩනය පනවමින් දී තිබූ නියෝගය අහෝසි කර සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා දුමින්ද සිල්වා සහ තවත් සිව් දෙනෙකු අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළහ.

2017 වසරේ නොවැම්බර් 27 වෙනි දින එම අභියාචනා පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ අතර, එම පෙත්සම් විභාගය 2018 වසරේ මාර්තු මස 29 දින පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ ආරම්භ කෙරිණ.

එම පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය ඒ පිළිබඳ තීන්දුව දෙමින් 2018 ඔක්තොම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා සිය නියෝගය නිකුත් කළේ පනවා තිබූ මරණීය දණ්ඩනය තහවුරු කරමිනි.

එවකට අග විනිසුරු ප්‍රියසාද් ඩෙප් ගේ ප්‍රධානත්වයෙන් යුත් එම විනිශ්චය මණ්ඩලය විසින් අදාල තීන්දුව ඒකමතිකව තහවුරු කළේය..

හිටපු අග විනිසුරු ප්‍රියසාද් ඩෙෆ් එම තීන්දුව ප්‍රකාශ කළ දිනට පසුදා එනම් 2018 ඔක්තෝබර් 12 සිකුරාදා පදවියෙන් විශ්‍රාම ගියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ දුමින්ද සිල්වා අද ජනධිපති විශේෂ සමාවක් යටතේ  වූයේය.

Exit mobile version