දුමින්ද… මේ පොසොන් පෝ දා නිදහස ලැබ ඔහු මෙසේ බන්ධනාගාරයෙන් පිටව ගියේය….

පොසොන් පුන් පොහොය යෙදුණු අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ජනාධිපති සමාව ලැබූ දුමින්ද සිල්වා මීට ටික වෙලාවකට පෙර බන්ධනාගාරයෙන් පිටව ගියේය.

දෙනෝ දාහක් ඉදිරිපිට භාරත ලක්ෂ්මන් ප්‍රේමන්ද්‍ර මහ මග දී ඝාතනය කළ වරදට ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මරණීය දණ්ඩනය ලැබ අභියාචනාධිකරණයෙන් එම දණ්ඩනය තහවුරු කර සිටි සිරකරුවෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම එවකට ආරක්ෂ ලේකම්වරයා යටතේ තිබූ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ද විය.

සෞඛ්‍ය  හේතු නිසා සිය දඬුවම් කාලයේ සැලකිය යුතු වකවානුවක් බන්ධනාගාර රෝහලේ ගතකළ බව බන්ධනාගාර ආරංචි මාර්ග කීවේය. දුමින්ද සිල්වා බන්ධනාගායෙන් පිටවී ගියේ මෙසේය.




Exit mobile version