දිස්ත්‍රික්ක 06කට ඉදිරි පැය 24 තුළ නායෙ යෑම් අනතුරු නිවේදන..

කීර්ති ප්‍රනාන්දු –

මේ වනවිට දිවයිනෙහි පවතින අධික වර්ෂා තත්වය මත අවදානම් කලාපවල ජීවත්වන පුද්ගලයන් දැඩි අවධානයකින් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ වනවිට දිස්ත්‍රික් හයක ප්‍රදේශ කීපයකටම ඉදිරි පැය 24 සඳහා වූ නායෙ යෑම් අනතුරු ඇඟවීම් නිවේදනය කර ඇතැයි මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය කියයි.

කළුතර, රත්නපුර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකට මෙම අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළ බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


earth-slide
නායෙ යෑම පිළිබඳ අනතුර අගවා ඇති කලාප

Exit mobile version