දිවයින පුරා වෙළෙඳසල් 1215 විෂ පළිබෝධ නාශක හොරට විකුණලා… විගණනය හෙළි කරයි…

ලලිත් චාමින්ද

පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ  ලියාපදිංචි වි ලබාගත්  විධිමත් සහතිකයක් යටතේ  පළිබෝධනාශක අලෙවි කටයුතු සිදුවිය යුතු වුවද 2018 වර්ෂය වනවිට දිවයින පුර  පළිබෝධනශාක අලෙවිසැල් 2294ක් අතුරින්  අලෙවි සහතික ලබා ගෙන තිබු  වෙළඳසල් ප්‍රමාණය 1079ක්  බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ.

පළිබෝධනාශක අලෙවිකරුවන් බහුතරයකට  පළිබෝධනාශක සම්බන්ධ  විදිමත් පුහුණුවක් ලබා දි නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එසේ විධිමත් පුහුණුවක් නොමැති පළිබෝධනාශක අලෙවිකරුවන් මගින් ගොවින්  පළිබෝධ ගැටලු හා පළිබෝධනාශක පිළිබද  උපදෙස් ලබා ගන්නා බවද විගණන වාර්තවේ සදහන් වේ. 

කල්ඉකුත්වු පිළිබෝධනාශක අපහරණය කිරිමේ ක්‍රියාවලිය  සාර්ථකව ක්‍රියාත්මක වි නොතිබු අතර 2019 වර්ෂයේ සැප්තැම්බර් 30 දින වනවිට  කල්ඉකුත්වු පළිබෝධනශාක ද්‍රව ලිටර් 2057ක් හා  ඝණ ආකාරයේ කිලෝග්‍රැම් 24153ක් දිර්ඝ කාලයක සිට අනාරක්ෂිතව ගබඩාකර තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. රාජ්‍ය අංශයට අයත් ගබඩා කිහිපයක ගබඩාකොට ඇති මෙකී කල්ඉකුත්වු  පළිබෝධනාශක  පරිසරහිතකාමි ලෙස අපහරණය කිරිමට අවශ්‍යකටයුතු කර නොතිබුණි.   


එමෙන්ම  අම්පාර, කළුතර, මාතර, ගම්පහ, කුරුණැගල, පුත්තලම, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ගොවින්  පරිසරයට හා මානව සෞඛ්‍යයට  හිතකර ආකාරයට  පළිබෝධනාශක භාවිතය  සිදුනොකරන බවද  අනාවරණය වි ඇත. මෙම දිස්ත්‍රික්කවල වී, කොළ එළවළු , අන්නාසි  අඹ,ගස්ලබු, මිරිස් හා එළවළු සම්බන්ධව සිදුකරණු ලැබු නියැදි පරික්ෂාවේ දි  මෙම තොරතුරු අනාවරණය වි ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පරිසරහිතකාමි හා මානව සෞඛ්‍යයට ගැලපෙන  යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ක්‍රියාත්මක කිරීම සදහා  වැඩසටහන් හදුන්වා දි තිබුනද ගොවින් අතර මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේ ප්‍රගතිය පහළ මට්ටමක පැවති බවද විගණන වාර්තාවේ දැක්වේ.

 

 

Exit mobile version