දිලුම් හා මහින්දානන්ද බීමතින් මරා ගනිති.

දිලුම් මහින්දානන්දට වෙඩි තියලා... ගිනි අවියේ උණ්ඩ ඉවත් කර තිබුණු නිසා මිනී මැරමක් නොවී බේරිලා

පොහොට්ටුවේ නුවර දේශපාලන කටයුතු සම්බන්ධව සැලසුම් කිරිම සඳහා පෙරේදා සවස (25) නුවර මහවැලි රීච් හෝලටලයේ සංවිධානය කර තිබූ ප්‍රධානීන්ගේ සාකච්ඡාවේදී මහින්දානන්ද අලුත්ගමගේ සහ දිලුම් අමුණුගම අතර ඇති වූ ගැටුමක් මිනී මරුමක් සිදු නොවී අනූ නවයෙන් බේරාගෙන ඇති බව වාර්තා වේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

මධ්‍යසාර පාවිච්චි කරමින් මෙම සාකච්ඡාව ගෙනියන අතරවාරයේ දි මහින්දානන්ද අලුත්ගමගේ    දිලුම අමුණුගමගේ යම් යම් හැසිරීම් සම්බන්ධව චෝදනා එල්ල කර තිබේ. මේ අවස්ථාවේ දිලුම් අමුණුගම පවසා ඇත්තේ ජාත්‍යන්තරව රට අපකීර්තියට පත් කර අගමැති තුමාගෙනුත් බැනුම් ඇසුවේ මහින්දානන්ද බවය. එහෙම එකෙකුගෙන් බණ අහන්නට සූදානම් නැති බවය.


ඉන් කෝපයට පත් මහින්දානන්ද දිලුම් අමුණුගමට බැණ වදිද්දී දිලුම් අමුණුගම නැගට මහින්දානන්දට වැරෙන් පහර දී ඇත. අනතුරුව දෙදෙනා දැවැන්ත ගුටි කෙළියක පැටලී තිබේ. බිම පෙරළී පෙරළී ගුටි බැට හුවමාරු කරගන්නා අතර දිලුම් අමුණුගම තම පිස්තෝලය ආරක්ෂකයන්ගෙන් රැගෙන  මහිනදානන්දට වෙඩි තබා තිබේ. දිළුම් අමුණුගම බීමතින් හැසිරෙන විකල් ආකරය ගැන දන්නා ආරක්ෂකයන් කල් තියාම මෙම ගිනි අවියේ උණ්ඩ ඉවත් කර තබා ඇත. එය දැනගත් දිලුම් ආරක්ෂකයන්ට ද කුණු හරපයෙන් බැණ වැදී පිස්තෝලය පොළවේ ගසා බඩු මුට්ටු කුඩු කරන්නට සැරසෙන අවස්ථාවේ  සියලු දෙනා එකතු වී මහත් පරිශ්‍රමයෙන් ඔහුව පාලනය කර තිබේ. වාර්තාවන පරිදි මෙම ගැටුම විනාඩි 20ක් පමණ ඇදී ගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව අගමැතිවරයා හා ජනාධිපතිවරයා දැනුවත් කර ඇති අතර ඔවුන් දෙදෙනාටත් ඒ අවස්ථාවට සහභාගී වූ සියල්ලන්ටත් දැඩිව අවවාද  කර ඇති බව වාර්තා වේ.

Exit mobile version