දිල්රුක්ෂි සේනාධිපතිට එරෙහිව අධිකරණයට… බිලියන 02ක් ඉල්ලා එන්තරවාසියක් යවයි..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සියලු සදාචාර ධර්මයන් විනාශ කරමින් හඬපට සංස්කරණය කර තමන් බරපතල අගතියට පත් කිරීම සම්බන්ධව අල්ලස් දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් හා හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

හඬපට වෙනස් කරමින් සිදුකළ මේ කුමන්ත්‍රණකාරී හැසිරීම නිසා තමන්ට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් බිලියන 2 ක මුදලක් වහාම ගෙවන්නැයි දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ විසින් නිශ්ශංක සේනාධිපති වෙත එන්තරවාසික් මගින් දන්වා තිබේ.

අදාල සංවාදය හේතුවෙන් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ වැඩ තහනම් කර අනිවාර්ය සේවා නිවාඩු යවා තිබිණි.

Exit mobile version