දිරාගිය මල සිරුරක කොටස් ඉමදූව ඉඩමකින් හමුවේ…

skull

ලලිත් චාමින්ද –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉමදුව දික්කුඹුර ප්‍ර දේශයේ ඉඩමක තිබී නාඳුනන මළ සිරුරක කොටස් හමු වී ඇති බැව් ඉමදුව පොලිසිය පවසයි .

මෙකී ඉඩම සුද්ද කරමින් සිටි පුද්ගලයකුට මෙ කී මළ සිරුරු කොටස් හමු වී ඇති බව ද පොලීසිය පවසයි. මළ සිරුරේ කොටස් දිය වී ගොස් ඇති අතර හිස් කබල හා ඇට කැබලි හමු වී ඇත .

මේ පිළිබඳ පොලීසියට දැනුම් දීමෙන් පසු අද දින ස්ථානය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇති බවද පොලිසිය පවසයි .

මළ සිරුරේ ඇට කැබලි කොටස් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය වෙත ගෙන යෑමට නියමිත ව ඇත .

Exit mobile version