දිඹුලාග සිසු ගැටුමක්… සිසුන් 05ක් රෝහලේ…

මනම්පිටිය නිමල් ජයරත්න –

දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ 11 වසරේ සිසුන් දෙපිරිසක් අතර අද (19) දහවල් ඇතිවූ ගැටුමකින් සිසුන් පස්දෙනෙකු තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව අරලගංවිල පොලීසිය කියයි.

නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් සඳහා පුහුණුවීම්කර අවසන් වීමෙන් පසු එක් සිසුවෙකු ආහාර ගනිමින් සිටියදී ඔහුගේ හිසට තවත් සිසුන් කිහිපදෙනෙකු පහරදීම ගැටුම් ඇති වීමට මූලික හේතුව බව අරලගංවිල පොලිීසිය කියයි.

තුවාල ලැබූ සිසුන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බව පොළොන්නරුව මහ රෝහලේ ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී සඳහන් කළේය.

අප මේ පිළිබඳව විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ප්‍රියන්ත ගාල්ලගේගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ එම සිසුන් දෙපිරිසක් අතර තිබූ ආරවුලක් දුරදිග යාම ගැටුමට හේතු බවත්, ගැටුම් විසඳීමට දෙමව්පියන් මැදිහත්වීමෙන් පසුව පොලිසියටද යාමට සිදුවූ බවත්, 11 වසරේ සිසුන් පිරිසක්, එම පන්තියෙන්ම සිසුන් කීප දෙනෙකු පහරදීමෙන් පස්දෙනෙකු තුවාල පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවත්ය.


ගැටුමට සම්බන්ධ සිසුන් දෙපිරිසක් හා ඔවුන්ගේ දෙමව්පියන් පොලිසියට ගෙන්වා තත්ත්වය සමථයට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.පී. හේමපාල අප කළ විමසීමකදී සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය පිළිබඳ අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.පී, හේමපාල ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Exit mobile version