දිමුත්ගෙන් අර්ධ ශතකයක්… පන්දුව හිසේ වැදී කොදෙව් ආරම්භක පිතිකරු කොළඹ ජාතික රෝහලට…

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග මේ වනවිට ගාල්ලේ පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් ශ්‍රී ලංකා ටේස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මීට ස්වල්ප වෙලාවකට පෙර අර්ධ ශතකයක් ලබා ගත්තේය.

දිමුත් සිය ටෙස්ට් දිවියේ 26 වැනි අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 118කට මුහුණ දෙමිනි. ඊට හතේ පහර 05ක් ඇතුළත් විය.

පන්දු ඕවර 40ක් නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 117 ලබාගෙන සිටියේය. ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 68ක් සහ පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 44ක් ලබාගෙන සාර්ථක ආරම්භයක් සහිතව පන්දුවට පහර දෙමින් ඇත.


මේ අතර ෂෝට් ලෙග්හි පන්දු රකිමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරු ජෙරමි සොලෝසානෝගේ  හිස්වැස්මේ පන්දුව වැදීමෙන් ඔහු බිම ඇදවැටුණේය.

අනතුරුව ක්‍රීඩාංගනයෙන් රැගෙන ගිය ඔහු ස්කෑන් පරීක්‍ෂණයක් සඳහා ගිලන් රථයකින් ගාල්ලේ සිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි ජාත්‍යාන්තර මාධ්‍ය පවසයි.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දිවා විවේකයට මොහොතකට පෙර මෙම සිදුවීම සිදුවිය.

රොස්ටන් චෙස් විසින් කෙටි පන්දුවක් ලෙස දිමුත් කරුණාරත්නට යොමු කළ    24 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී  ඔහු එල්ල කළ පහර ජෙරමි සොලෝසානෝගේ  හිස්වැස්මේ  ඉදිරිපස නළල ආසන්නයේ වැදීම සිදුවිය.

එම පහරට  ප්‍රතිචාර දැක්වීමට හෝ මගහැරීමේ ක්‍රියාමාර්ග ගැනීමට ජෙරමි සොලෝසානෝට වෙලාවක් තිබුණේ නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජෙරමි සොලෝසානෝ ක්‍රීඩාජගනයෙන් රැගෙන ගිය අවස්ථාව…

Exit mobile version