දින 04යි.. ඩෙංගු රෝගීන් 1227යි… 

ඩෙංගු වයිරසයේ තුන්වන කණ්ඩය රටපුරා පැතිරීම  රෝගීන්ගේ සංඛ්‍යාව සීග්‍රලෙස ඉහළ යාමට හේතුවක් වී ඇතැයි ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අනෝජා වීරසිංහ   සඳහන් කරයි.

මේ වසර තුළ ගත වූ දින  කීපයේ දී ඩෙංගු රෝගීන් 1227 දෙනෙකු හමුව ඇතැයිද   ඉදිරි දිනවලදී සීඝ්‍රලෙස වර්ධනය විය හැකි යැයිද ඇය අනතුරු අගවා සිටියි.

පසුගිය වසරේ ඩෙංගු රෝගීන් 35929ක් වාර්තා වී ඇති අතර ඉන් සියයට 25ක් දෙනා වාර්තා වී ඇත්තේ දෙසැම්බර් මාසය තුළ බවත් මින් වැඩිම පිරිස බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවත් ඇය කියයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උණ වැලදුණ පුද්ගලයෙකු පැය 24ක කාලයක් තුළ වහාම  සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත ගොස් ප්‍රතිකාර ලබා ගන්නැයිද ඇය ඉල්ලා සිටියි. 

 

Exit mobile version