දිනක් තුළ ලක්ෂ 5ක් එන්නත් කළ ශ්‍රි ලංකාවට WHO සුබ පතයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය 29 වැනි දා ශ්‍රි ලංකාවේ පුද්ගලයින් ලක්ෂ 5කට වැඩි පිරිසකට කොවිඩ් එන්නත ලබා දීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ශ්‍රී ලංකාවට සුබ පැතූ අතර එය ආකර්ෂණීය සන්ධිස්ථානයක් ලෙස හැඳින්වූ බව එහි ට්විටර් පණිවුඩයක දැක්වේ.

සෞඛ්‍ය බලධාරීන් 29 වැනිදා ශ්‍රි ලංකාවේ පුද්ගලයින් 515,830 දෙනෙකුට එන්නත් ලබා දී ඇත.

සයිනෝෆාම්, මොඩර්නා, ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා සහ ස්පුට්නික් වී යනු ලංකාවේ හදිසි භාවිතය සඳහා අනුමත කරන ලද එන්නත් වේ.

සැප්තැම්බර් මාසය වන විට රට විවෘත කිරීම සඳහා සුදුසුකම් ලත් ජනගහනයෙන් සියයට 60 කට වැඩි ප්‍රමාණයක් එන්නත් කිරීමට ශ්‍රී ලංකාව සැලසුම් කර තිබේ.

Exit mobile version