දික්වැල්ලට – ගුණතිලකට සහ මෙන්ඩිස්ට පැනවූ තහනම දෙවසරකට අත්හිටුවයි 

නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් පසුගිය වසරේ එංගලන්තයේ ඩර්හැම් හි සංචාරයක යෙදී සිටියදී ජෛව බුබුලු කඩ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් (එස්එල්සී) විසින් පනවා තිබූ තහනම අත් හිටුවීමෙන්  නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට සුදුසුකම් ලබා ඇත.

ක්‍රීඩකයින් නියමිත යෝග්‍යතා ප්‍රමිතිය සපුරාලමින් අවසන් සංචිතයට තෝරාගනු ලැබුවහොත්, සිම්බාබ්වේ සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා ක්‍රීඩකයින්ට ලබන සතියේ මුල් භාගයේදී නැවත පැමිණෙනු ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආරංචි ආයතනය  පවසයි..
පසුගිය  ජුලි මාසයේ දී ඔවුන් වෙත ලබා දුන් තරග තහනම ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ, පසුගිය මාසයේ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය අවසන් වීමෙන් පසු ක්‍රීඩකයින් තිදෙනාම කළ ඉල්ලීමකට අනුව බව සඳහන් වේ.

මෙම ඉල්ලීම මත පදනම්ව, ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ක්‍රීඩකයින් තිදෙනාගේ තහනමට ලක්ව සිටින කාලය තුළ ඔවුන්ට උපදේශනය ලබා දීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කරන ලද වෛද්‍යවරයාගෙන් වාර්තාවක් ලබා ගෙන ඇත. වෛද්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද එම වාර්තාව සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව රැස්වී එම ක්‍රීඩකයින් තිදෙනාගේ තරග තහනම ඉවත් කිරීමට තීරණය කර ඇත.


තහනම ඉවත් කර ඇතත්, එය වසර දෙකක කාලයක් සඳහා අත්හිටුවා ඇත, එයින් අදහස් වන්නේ තවදුරටත් උල්ලංඝනය කිරීම් තහනම නැවත පැනවීමට හේතු විය හැකි බවයි.

ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනාගේ හැසිරීම දැඩි ලෙස නිරීක්ෂණය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාත්‍යන්තර ක්‍රිකට් නැවත පැමිණීමට අමතරව ඔවුන් දේශීය ක්‍රිකට් සඳහා ද සුදුසුකම් ලබනු ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Exit mobile version