දැන් රට ආක්‍රමණය කර ඇත්තෙ කොවිඩ් ඩෙල්ටා… ආචාර්ය ජීවන්දර හෙළි කරයි…

chandima-Jeewandara

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට කොවිඩ් ආසාදිතයින් වැඩි පිරිසකට ආසාදනය වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය බවට අනාවරණය වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්විවිද්‍යාලයේ ප්‍රතිශක්තීකරණ හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

ශ්‍රී ලංකාවේ සෑම පළාතකම ආවරණය වන පරිදි ලබාගත් ජෛව පටල සාම්පල පරීක්ෂා කිරීමෙන් ඒ බව අනාවරණය වී යැයි හෙතෙම කියයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් ලබා ගත් නියැදි 94කින් සිදුකළ මූලික පරීක්ෂණවල වාර්තාව එළඹෙන සෙනසුරාදා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දෙන බවය.

ඒ අනුව මෙතෙක් කොවිඩ් රෝගීන් වැඩි පිරිසකට ආසාදනය වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය බවට අනාවරණ වී ඇතැයි ආචාර්ය ජීවන්දර කියයි.

Exit mobile version