දැඩිසත්කාර ඒකකවලට මහජන අධාර ඉල්ලූ රෝහල් අධ්‍යක්ෂවරුන්ට ආණ්ඩුවේ දේශපාලකයන්ගෙන් කුණු බැණුම්…

ICU

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් මරණවලින් රෝගීන් බේරා ගැනීම සඳහා ඉතා කඩිනමින් අවශ්‍ය වූ දැඩි සත්කාර ඒකක සකසා ගැනීමට මහජන ආධාර ඉල්ලූ දිවයිනේ ප්‍රධාන රෝහල් කිහිපයක වෛද්‍ය අධ්‍යක්ෂවරුන්වෙත ආණ්ඩුවේ දේශපාලකයන් විසින් බැණවැදී ඇතැයි වාර්තා වේ.

එම දේශපාලකයන් රෝහල් අධ්‍යක්ෂවරුන්ට බැණවැදී ඇත්තේ ඔවුන් විසින් රජය අපහසුතාවයට ලක් කර ඇති බවට චෝදනා කරමිනි.

කෙසේ වෙතත් එම රෝහල් අධ්‍යක්ෂවරුන් පැහැදිලි කළේ තමන්ට කිසිම අවස්ථාවක රජය අපහසුතාවයට පත් කිරීමේ අභිලාෂයක් නොතිබුණු බවත් රජයේ ප්‍රතිපාදන ඉල්ලූ නමුත් නොලැබෙන වටපිටාවක පහසුකම් නැතිව දිනපතා මිය යන රෝගීන් වෙනුවෙන් රෝහලකින් ඉටුවිය යුතු වගකීම ඉටු කිරීමට සමාජයෙන් අවකාශ සෙවූ බවත්ය.

දැනට දිවයිනේ ප්‍රධාන රෝහල් කීපයක කොවිඩ් දැඩි සත්කාර ඒකකය දින කිහිපයක් තුළ සැකසුනේ මහජන ආධාරවලින් බවත් ඒ හේතුවෙන් අඩුම තරමින් පසුගිය දින කීපය තුළ ජීවිත විසිපහක් තිහක් පමණ බේරා ගැනීමට හැකි වූ බවත් එම අධ්‍යක්ෂවරු පෙන්වා දෙති.

Exit mobile version