දළුකානේ ආදිවාසී තරුණියක්  ඇතුළු 07ක් කුඩු උරමින් සිටිය දී කොටු!

මනම්පිටිය නිමල් ජයරත්න – 

දිඹුලාගල බිම්පොකුණ  ප්‍රදේශයේ කැලෑවක 14 වෙනිදා උදෑසන   හෙරොයින් පානය කරමින් සිටි අවුරුදු 20ක ආදිවාසි තරුණියක් සහ සිවිල් ආරක්ෂක භටයෙක් ඇතුළු හත්දෙනකු අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි.

අරලගංවිල දූෂණ මර්ධන අංශයට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ඔවුන් සතුව තිබූ හෙරෝයින් ග්‍රෑම් දහඅටයි මිලිග්‍රෑම් විස්සක් සොයාගත් බව ද පරීක්ෂණ සිදු සිදුකරන අරලගංවිල  පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් දලුකානේ පදිංචි අවුරුදු විස්සක් වයසැති  ආදිවාසී තරුණිය මීට පෙර අවස්ථා තුනකදීම හෙරොයින් ළඟ තබාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු   දඬුවම් ලබා ඇති   බවද පොලිසිය සඳහන් කරයි.


අත්අඩංගුවටට ගත් සැකකාර සිවිල් ආරක්ෂක භටයා මනම් පිටිය ප්‍රදේශයේ පදිංචිව සිට රිදිපොකුණ සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයට  අනුයුක්තව සේවය කරන අයකු බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් අනිත් සැකකරුවන්, වෙහෙරගම, බිම්පොකුණ, 8 කනුව, යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි .

මෙම සැකකරුවන් වයස අවුරුදු විස්සක් තිහක් වයසේ පසුවන තරුණ තරුණයන් බවත් ඔවුන් හෙරොයින් වලට දැඩි ලෙස ඇබ්බැහි වූවන් සහ ජාවාරමක්  වශයෙන් , සිදුකරන අයවලුන් බවත් අරලගංවිල  පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක , වසන්ත ප්‍රේමලාල්   සඳහන් කරයි.

වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී කේ.අර්.එස්.එච් .කුමාරසිරි මහතාගේ උපදෙස් මත, අරලගංවිල  පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත ප්‍රේමලාල් ඇතුළු දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදුකර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැක්කරුවන්  අද (14) පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද අරලගංවිල පොලිසිය පවසයි.

 

 

Exit mobile version