දහස් ගණක රෝගී ජීවිත අනතුරේ.. ජාතික රෝහල තුළ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවයි…

කොළඹ අවට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයන් කොවිඩ් රෝගීන්ගෙන් පිරීම යාම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය පසුගියදා තීරණය කර ඇත. 

මෙම තීරණයත් සමග කොළඹ ජාතික රෝහලේ  විවිධ රෝග සදහා   ප්‍රතිකාර ලබන රෝගීන් දහස් ගණනකගේ ජීවිත දැඩි අනතුරකට  පත්වන බවට ඇතැම් කණ්ඩායම් සිය විරෝදය පළ කිරීමට පටන් ගෙන ඇතැයිද වාර්තාවේ.

කොළඹ ජාතික රෝහල තුළ විවිධ රෝගයන් සදහා ප්‍රතිකාර ලබන රෝගීන් සිටින මහල් හතරකින් සමන්විත ගොනැගිල්ලක් කොවිඩ් මධ්‍යස්ථානය සදහා යොදා ගැනීම ඉදිරියේදී සිදුවනු ඇති බව රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.


මෙම සිව්මහල් ගොඩනැගිල්ලේ එක් මහලක සිටි රෝගීන් වෙනත් වාට්ටුවෙත මාරුකර එම මහල කොවිඩ් රෝගීන් සදහා වෙන්කර ඇත. මේ අනුව රෝගීන් 40 දෙනෙකු පමණ රදවා ප්‍රතිකාර කල හැකි වාට්ටුවක් තිබියදී කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වීමත් සමග එම මහලේ තවත් වාට්ටුවක් වෙන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර  ගෙන ඇතැයි එම ප්‍රකාශකයා පැවසීය.

මේ අනුව සිව්මහල් ගොඩනැගිල්ල තුල මහල් දෙකක කොවිඩ් රෝගීන් 100 දෙනෙකුට පමණ ප්‍රතිකාර ලබා ගත හැකි වාට්ටු දෙකක් සකස් කර ඇති අතර එහි දැඩිසත්කාර ඒකක ඇදන් 15ක් පමණ ස්ථාපිත කර ඇතැයිද ඔහු සදහන් කළේය.

කොවිඩ් වසංගතය ඉදිරි දිනවලදී වඩාත් දරුණු අතට හැරෙන්නේ නම් ඉතිරි මහල් දෙකක කොවිඩ් රෝගීන් සදහා වෙන්කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගන්නා බවට මේ වන විටත් තීරණය කර ඇතැයිද සඳහන්වේ.

කොවිඩ් රෝගියෙකු බව නොදැන කිසියම් රෝගයකට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල වෙත පැමිණෙන රෝගියෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට හැගී ගියහොත් ඔහුව හෝ ඇයව කොවිඩ්  ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යැවිමට කටයුතු කරන නමුත් එම මධ්‍යස්ථාන රෝගීන්ගෙන් පිරී යාම හේතුවෙන් කිසිදු රෝගියෙකු බාර ගැනීමට නොහැකි බව සඳහන් කරයි. මෙවන් අවස්ථාවකදී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සහ අපහසුතාවන්ට ලක්වන රෝගීන් හැකි ඉක්මනින් දැඩි සත්කාරයන් වෙත යොමු කිරිමේ අරමුණින් මෙම සිව්මහල් ගොඩනැගිල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස වෙන්කළ බව අප කළ විමසුමකට පිලිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

කොවිඩ් රෝගය හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වෙන රෝගීන්ව බාර ගැනීමට කොවිඩ් ප්‍රතිකාර රෝහල් ප්‍රතික්ෂේප කරනුයේ අධික තදබදය හේතුවෙන් බැවින් මෙසේ ජාතික රෝහල වෙත පැමිණෙන කොවිඩ් රෝගීන්ට හැකි උපරිමයෙන් සේවය ලබාදීමේ අරමුණින් මෙම සිව්මහල් ගොඩනැගිල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කළ බව එම ප්‍රකාශකයා පැවසීය.

කෙසේ නමුත් ජාතික රෝහලේ අනෙකුත් වාට්ටු තුල සිටින රෝගීන්ගේ ආරක්ෂාව උපරිමයෙන් සලසමින් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බවද එම ප්‍රකාශකයා අවධාරනය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් කොළඹ ජාතික රෝහල වෙත පැමිණි රෝගීන්ගෙන් ආසාදිතයෙකු බවට පත් වන රෝගීන් වාට්ටු කීපයක රඳවා ප්‍රතිකාර මධ්‍යස්ථානයන් වෙත පිටත් කල නමුත් මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථානයන් රෝගීන්ගෙන් පිරීම යාම හේතුවෙන් කොළඹ ජාතික රෝහලවෙත පැමිණෙන කොවිඩ් රෝගීන් රෝහලේ විශේෂිත ප්‍රතිකාර ඒකකය තුල රදවා ප්‍රතිකාර ලබා දීම සහ දැඩිසත්කාර පහසුකම් අවශ්‍ය වන රෝගීන්ට එය ලබා දීමේ කටයුතු ආරම්භ කර ඇතැයි ද සඳහන්වේ.

Exit mobile version