දස වද දි මාවනැල්ලේ තරුණයින් දෙදෙනා ඝාතනය කළ ම්ලෙච්ඡ ඝාතකයා – හුරීමළුවේ ෆර්හාන් අත්අඩංගුවට…

ඝාතනය වූ මෙහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෆාත් (වමේ) සහ මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර්

ඔත්තුකරුවන් යැයි සැක පිට මාවනැල්ලේ මුස්ලිම් තරුණයින් දෙදෙනෙක් තියුණු ආයුධවලින් කපා එම තුවාල මත ලුණු කුඩු, විෂබීජ නාශක දියර වත්කරමින් දස දී මරා දමා සිය නිවස පසුපස වළ දැමූ හුරීමළුවේ පර්හාන් හෙවත් මොහොමඩ් නිසාර් මොහොමඩ් ෆර්හාන් අද (19) කෑගල්ල අපාරාධ කොට්ටාසය නිලධාරීන් විසින් පුත්තලම නගරයේ දී අත්අඩංගුවට ගනු ලැබුවේය.

ඔහුත් සමග පුද්ගලයින් සිවු දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් පුද්ගලයෙක් වූ අබ්දුල් ලතීෆ් නැමැත්තා මෙම ඝාතනය සිද්ධියේ ප්‍රධාන සැක කරුවෙක් ලෙස හඳුනාගෙන තිබේ.

ෆර්හාන් ප්‍රමුඛ ඝාතකයින් විසින් ඝාතකය කරනු ලැබුවේ මාවනැල්ල කිරිංගදෙණිය හා කෙරමිණියවත්ත ප්‍රදේශවල පදිංචි හැවිරිදි මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර් (26) සහ මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෆාත් (28) යන තරුණයින් දෙදෙනාය.

ඝාතනය සිදුවූ නිවස

ඝාතන අපරාධය හෙළිදරව් වීමත් සමග ෆර්හාන් සිය නිවසින් පලාගොස් තිබිණි. මේ අතර සිද්ධිය සම්බන්ධව පසුගිය 15 දා සහ 16 දා පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තේය.


මෙසේ අත්අඩංගුට ගනු ලැබුවේ මාවනැල්ල කිරිංගදෙණිය අංක 108/04 ලිපිනයේ පදිංචිව සිටින 30 හැවිරිදි මොහොමඩ් රාසික් මොහොමඩ් රිකාස්, සහ කුරුණෑගල කොහිලේ ගෙදර සැලව ස්වර්ණ ජයන්ති මාවතේ පදිංචිව සිටින 27 හැවිරිදි හර්ෂ ද පටබැදිගේ සජිත් මධුමාල් කරුණාරත්න නමැති දෙදෙනාය. ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ෆර්හාන් ඇතුළු 04 දෙනා අද අත්අංගුවට ගැනිමෙන් පසු මෙම අමානුෂික ඝාතනයේ සැකකරුවන් සියලු දෙනාම පොලිස් අත්අඩංගුවට පත් වි තිබේ.

නොවැම්බර් 19 සහ 25 දිනයන්හි දී අතුරුදහන් වූ මෙම තරුණයින් දෙදෙනාගේ මළ සිරුරු පසුගිය 12 සහ 13 දෙදිනේ දී සොයා ගැනුණි.

හුරී මලුවෙ පර්හාන් නැමැති මෙම ප්‍රාදේශීය මත්කුඩු ජාවාරම්කාර පාතාලයා මෙම තරුණයින් රඳවාගෙන පහර දෙන අතර ඔවුන් තියුණු ආයුධවලින් කපා, එම තුවාලවලට ලුණු කුඩු සහ විෂබීජ නාශක දියර ඉසිමින් දස වදයට ලක් කර ඔවුන්ව  මරා වළ දමන ආකාරය පුද්ගලයෙක් ඇසින් දැක තිබිණි.

අපරාධය හෙළිදරව් කරගන්නේ එම සාක්ෂි ඔස්සේය. කෑගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔත්තු කරුවන් යැයි සැක කර දස වද දී තරුණයින් 02ක් මැරූ කුඩු පාතාලයා…

Exit mobile version