දරුවාව පුච්චා සැඟවී සිටි මව අත්අඩංගුවට…

දිනසේන රතුගමගේ –

කිළිනොච්චිය අක්කරායන් ගණේෂපුරම් ප්‍රදේශයේදී  සිය තුන් හැවිරිදි දැරිය රත් කළ පිඟානකින් පුලුස්සා තුවාල සිදු කොට සැඟවී සිටි මවක් 9 දා අක්කරායන්කුලම් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.  

සැකකටයුතු කාන්තාව විසින් මෙම දැරියට එම අපරාධය සිදු කොට ඇත්තේ 2021-08-08 වෙනිදාය.

මේ සිද්ධියෙන් පසුව ඇය පලා ගොස් සිටි අතර දැරියගේ ඥාතීන් ඇයව රෝහල් ගත කොට මේ වන විට සුවදායක තත්ත්වයකට පත් කරවා ගෙන තිබේ. 


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලීසියට ලැබුණු තොරතුරක් මත අදාල කාන්තාව අත් අඩංගුවට ගෙන ඇති අක්කරායන්කුලම් පොලීසිය ඇයව කිලිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

Exit mobile version