දරුවන්ගේ ජීවිත බිල්ලට තබා කේවල් කරන සුළුතරය එක්ක තියන ගනුදෙණුව වෙනම විසඳා ගන්නවා… කෙහෙළිය කියයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



අධ්‍යාපනය හෑල්ලුවට ලක් කර ඇත්තේ ආණ්ඩුව නොව හතළිස් තුන් ලක්ෂයක් දරුවන් බිත්තියට හේත්තු කර ඔවුන්ගේ ජීවිත බිල්ලට තබා කේවල් කරමින් රජයේ ප්‍රතිපත්ති විනාශ කරනා සුළුතරයක් බවත් ඔවුන් සමග බේරා ගැනීමට ගනුදෙනුවක් ඇති බවත් ජනමාධ්‍ය අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මධ්‍යම පළාත් කෝවිඩ් මර්දන කමිටු රැස්වීමට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
“හතලිස් තුන් ලක්ෂයක් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරලා අපිට මේක දියව් අරක දියව් කියනවා. ඒවා දුන්නේ නැත්නම් අපි ළමයින්ට උගන්වන්නේ නැහැ කියලා කිහිප දෙනෙක් කරන මෙහෙයුම සාධාරණද?. දරුවන්ට අධ්‍යාපනය දෙන්න ආණ්ඩුව ගන්න ඕන පියවර ගන්නවා.“

“පාලක පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙළ සහ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට විරුද්ධව කටයුතු කරන සුළු පිරිසක් ඉන්නවා. ඒ අය එක්ක අපිට ඒ ගනුදෙනුව වෙනම බේරගන්න වෙනවා.“ ඇමතිවරයා ප්‍රකාශ කළේය.

ගුරු ප්‍රජාවට කොවිඩ් එන්නත ලබා දෙමින් ඇති බවත්, පාසැල් අනධ්‍යන සේවක මණ්ඩලයට, විශ්ව විද්‍යාල සියල්ලට එන්නත ලබා දී ඇති බවත්, මෙහි සාධනීය පැත්ත නොබලා සංකීරණ වැඩපිළිළෙක අඩුපාඩු දෙක තුනක් මුල් කරගෙන මහා විප්ලවයක් කරන්නාක් සේ හැසිරෙන පිරිස් පිළිබඳව ජනතාව තේරුම් ගෙන ඇති බවත් ඇමතිවරයා කීවේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ මින් පෙර තමන් කළ කතාවක් සංස්කරණය කර වැරදි අදහසක් ඇති කරවන සේ ප්‍රකාශයට පත් කිරීමේ පහත් ක්‍රියාවලිය අත්දැකීම් සහිත දේශපාලනඥයෙකු වන තමන් කිසිවිටෙකත් සැලෙන්නේ නැති බවය.

ඔහු කීවේ තමන් ඒ ප්‍රකාශය තුළ දෙවිවරුන් වැනි ගුරුවරුන් ලෙස සඳහන්වූ බවත් එම කොටස මුලුමනින්ම ඉවත් කර කළ කළ සංස්කරණය අතිශය පහත් ක්‍රියාවක් බවත් ය.

Exit mobile version