හීන්මැණිකා අත්හැර යන දඹානේ ආදිවාසී දරුවන් ඇතුළු 1200ක පිරිසකට කොවිඩ් පොසිටිවු…

පවුල් 46ක සියලුම සාමාජිකයන්ට කොවිඩ්... පවුල් පිටින් නිවෙස්වලම නිරෝධායනයේ....

කිර්ති ප්‍රනාන්දු –

දඹානේ ආදිවාසී පවුල් 46ක් වැඩිහිටියන්ගේ සිට ළදරුවන් දක්වා සියලුම පිරිස් කොවිඩ් ආසාදිතයන් වී ඇති බවත්,   ප්‍රදේශයේ සමස්ථ ආදිවාසීන්  1200ක් පමණ පිරිසක් කොවිඩඩ් ආසාදිතව සිටින බව ආදිවාසී නායකතුමාගේ පුත් ඌරුවරිගේ මුතුබණ්ඩා පැවසීය.

“ දරුවන්ට කැස්ස බෙම්බිරිස්සාව උණ හැදුනා. දැන් ගොඩ දෙනෙකුට ඒ රෝග ලක්ෂණ නෑ.  ඔවුන් නිවෙස් තුළම නිරෝධායනය වෙනවා.“

“ මේ වසංගතය පැතිරුණු මොහොතේ සිට වෛද්‍ය කණ්ඩායම් දඹානට අවා. අපි ගැන බැලුවා. ප්‍රතිකාර කළා. අසාධ්‍ය තත්වය පත් වුණු අය ඉතාම අඩුයි. රටේ කොවිඩ් ප්‍රතිකාර තත්වය ගැන මා දන්නෙ නෑ, නමුත් දඹනේ දී ඉතා ඉහළ සත්කාර සේවයක් ආදි වාසීන්ට ලැබුණා. “


“ බටහිර වගේම දේශීය වෛද්‍ය කණ්ඩායම් ඇතුළු සෞඛ්‍ය අංශයටත්, ආණ්ඩුකාරතුමාටත් මේ අවස්ථාවේ දි මා ස්තුතිවන්ත වෙනවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඌරුවරිගේ මුතුබණ්ඩා පැවසීය.

Exit mobile version