තෙල් මිල වැඩි කළේ ඛණිජතෙල් නීතිගත සංස්ථාව බිලියන 33.9ක් ලාභ ලබද්දී – මහ බැංකු වාර්තාව හෙළි කරයි…

ලලිත් චාමින්ද –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගෝලිය තෙල්මිල සාපේක්ෂ වශයෙන් පහළ මට්ටමක පැවතියද ප්‍රධාන ඛනිජතෙල් නිෂ්පාදිතවල දේශිය මිල ගණන් නොවෙනස්ව පවත්වාගෙන යාම හේතුවෙන් 2020 වර්ෂයේ ලංකා ඛණිජතෙල් නිතිගත සංස්ථාව රුපියල් බිලියන 33.9ත මෙහෙයුම් ලාභයක් වාර්තාකොට ඇති බැව් ශ්‍රි ලංකා මහබැංකුව විසින් 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති මහබැංකු වාර්තාවේ සදහන් වේ.

විගණනය නොකළ තාවකාලික මුල්‍ය ඇස්තමේන්තුවලට අනුව ලංකා ඛණිජතෙල් නිතිගත සංස්ථාව 2019 වර්ෂයේ දි රුපියල් බිලියන 19.1ක මෙහෙයුම් අලාභයක් වාර්තාකොට තිබුණි. එහෙත් ප්‍රවාහනය විදුලිබල උත්පාදනය ගුවන්සේවා සහ කර්මාන්ත අංශවලට අලෙවිකරණ ලද ඛනිජතෙල් නිෂ්පාදනවලින් 2020 වර්ෂයේ දි රුපියල් බිලියන 33.9ක මෙහෙයුම් ලාභයක් වාර්තා කොට තිබුණි.

කෙසේවුවද ලංකාඛණිජතෙල් නිතිගත සංස්ථාව විසින් ලබාගෙන තවම නොපියවා ඇති විදේශිය මුදලින් නාමනය වු විශාල ණය ප්‍රමාණය හේතුවෙන් හා 2020 වර්ෂයේ දි ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය විම නිසා ඇතිවු විනමය අනුපාත විචල්‍යතා අලාභය රුපියල් බිලියන 21.8ක් බවද මහබැංකු වාර්තවේ සදහන් වේ.

එමගින් ඛනිජතෙල් නිතිගත සංස්ථාවේ සමස්ත ලාභයට (බදුවලට පෙර) සෘණාත්මක බලපෑමක් ඇතිකරණු ලැබිය. පෙර වර්ෂයේ වාර්තා වු රුපියල්බිලියන11.8ක අලාභයට සාපෙක්ෂව2020 වර්ෂයේ දි එම අගය රුපියල් බිලියන 2.4ක ලාභයක් ලෙස සටහන් වු බවද මහ බැංකු වාර්තාවේ සදහන් වේ.

මේ අතර ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් බැංකු අංශයෙන් ලබාගත් ණය ප්‍රමාණය 2020 වර්ෂයේ දි රුපියල් බිලියන 381.8ක් දක්වා රුපියල් බිලියන 74.1කින් ඉහළ ගිය බවද මහබැංකු වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම දේශියබලපත්‍රලාභි වාණිජ්‍ය බැංකුවල පැවති ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවය අයත් තැන්පත් ප්‍රමාණය 2019 වර්ෂය අවසානයේ පැවති රුපියල් බිලියන 30.0 සිට 2020 වර්ෂය අවසානය වනවිට රුපියල් බිලියන 63.9 දක්වා වර්ධනය විය.

කෙසේ වුව ද ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් අනායනය කරණු ලැබු බොරතෙල් බැරලයක මිල 2019 වර්ෂයේ දි ඇමරිකානු ඩොලර් 68.80 සාපේක්ෂව 2020 වර්ෂයේ දි ඩොලර් 45.57 දක්වා පහළ ගිය බවද මහබැංකු වාර්තාවේ දැක්වේ.

2021 වර්ෂයේ පළමු කාර්තුවේ දි බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඇමරිකනු ඩොලර් 61.22ක් බවද මහබැංකුව මගින් නිකුත්කොට ඇති වාර්තාවේ දැක්වේ.

Exit mobile version