බෙදුම්කරුවන්ට ලැබෙන සියයට 3 කොමිස් මුදල නවත්වා ඛණ්ජ තෙල් නීතිගත සංස්ථාව විසින් හඳුන්වා දුන් මිල සූත්‍රය පිළිගෙන ඒ අනුව කටයුතු කිරීමට බෙදුම් කරුවන් අද (04) එකඟ වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස කීවේය.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යදවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ අද ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සහ බෙදුම්කරුවන් අතර ඇතිවූ සාකච්ඡාවේ දී බෙදුම්කරුවන් විසින් මෙසේ එකඟතාවයට පැමිණි බවය.
“ඒ අනුව ගැනුම් කරුවන් තමන්ගේ පාර්ශවයෙන් ප්‍රශ්න ඉදිරිපත් කරලා තියනවා. ඒ ගැටලු ගැන කතා කරන්න තෙල් සංස්ථාව හඳුන්වා දුන් සූත්‍රය ක්‍රියාත්මකවන අතරේ. යළිත් වතාවක් බෙදුම්කරුවන්ගේ ගැටලු සාකච්ඡා කරන්න 18 වැනිදා තෙල් සංසථා සභාපතාවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. ”
“ඒ නිසා තෙල් ප්‍රශ්නයක් නෑ. බෙදුම්කරුවන් තෙල් සංස්ථාව හඳුන්වා දුන් සූත්‍රයට අනුව කටයුතු කරනවා. ඔවුන්ට ඇති අමතර ප්‍රශ්නයක් තියනවා නම් ඒ ප්‍රශ්න 18 වැනිදා සාකච්ඡාවේ දී කතා කරගන්න පුලුවන්.” ඇමතිවරයා පැවසුවේය.







