තිස්පන් දහසක් පකිස්තානුවන්ට ශ්‍රි ලාංකිකයන්  ඇස් දන් දුන්නා… ඒත් අපට පෙනීමක් ගන්න බැරිවුණා…

සියල්කොට්හි අන්තවාදී ඝාතනය ගැන එරට ප්‍රකට අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙක් කියන කතාව!

ශ්‍රි ලාංකිකයන් පාකිස්තානුවන් තිස්  පන් දහසකට පෙනීම ලබා ගැනීමට ඇස් දන් දී තිබුණද රටක් ලෙස අපට දෘෂ්ටියක් නැති බව සියල්කොට්හිදී අන්තවාදීන් අතින්  ශ්‍රි ලාංකිකයකු කෘෘර ලෙස ඝාතනය ලක් වීමෙන් පෙනෙන බවත් පාකිස්තානුවන්ට සිදුව ඇත්තේ ලජ්ජාවෙන් හිස හංගා ගැනීමට පමණක් බවත් එරට ප්‍රමුඛතම පෙළේ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙක් පවසයි.

කරච්චියේ සුප්‍රකට අක්ෂි රෝහලක ප්‍රධාන අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය නියාස් බ්‍රෝහි එරට රූපවාහිනි නාළිකාවකට පවසා ඇත්තේ ශ්‍රි ලංකාව 1967 සිට මේ දක්වා පාකිස්තානුවන්ට ඇස් දන් දෙන බවත් ශ්‍රි ලාංකිකියන් විසින් තමන් මිය ගිය පසු දන් දෙන ඇස්වලින් වැඩිම කොටසක් ලබන්නේ පකිස්තානය බවත්ය.

ශ්‍රි ලංකා අක්ෂිදාන සංගමය සමඟ සමීප සබඳතාවක් පවත්වන වෛද්‍ය නියාස් බ්‍රෝහි පවසා අත්තේ සියල්කොට්හි අපනයන කර්මාන්ත ශාලාවක සාමන්‍යාධිකාරීවරයා ලෙසින් කටයුතු කළ ප්‍රියන්ත කුමාර දියවඩන   කෘෘර ලෙස වධ බන්ධනවලට ලක් කාට ඝාතනය කර මහ පාරේ දමා ගිනි තැබීම අතිශයින්ම සාහසික ක්‍රියාවක් බවය.


“ අපට තිස් පන් දහසක් ශ්‍රි ලාංකිකයන්ගේ ඇස් දන් දුන්නත් එයින් නිසි පෙනුමක් රටක් ලෙස ලබාගෙන නැහැ“ ඔහු වැලපෙන්නේ එසේය. මේ වනවිටත් වෛද්‍ය නියාස් බ්‍රෝහි ශ්‍රි  ලංකා අක්ෂිදාන සංගමය වෙත සමස්ත පාකිස්තානුවන් වෙනුවෙන් සිය කණගාටුව පළ කර ඇති බවද එම රූපවාහිනි නාළිකාවට ඔහු පවසා ඇත.

මේ අතර එරට ප්‍රියන්ත කුමාර   ඇසුරු කළ ඔහු දන්නා කියන පකිස්තානුවන් මේ සිදුවීම මත සිටිනුයේ දැඩි  කෝපයෙන් සහ කලකිරීමෙනි. ඔහු ඉතා දක්ෂ කළමනාකරවරයකු බවත් මානව හිතවාදී ලක්ෂණයන්ගෙන් හෙබි පුද්ගලයකු බවක් ඔවුහු පවසති. සමාජ මාධ්‍ය තුළ සටහනක් තබා ඇති එක් පකිස්තානුවකු ඔහු හඳුන්වා දී ඇත්තේ දුප්පත් කම්කරුවන් දෙස පවා සානුකම්පිතව බලන කළමනාකාරවරයකු ලෙසය.

“ඔහු කර්මාන්ත ශාලාවේ සේවකයකු හදිසියේ අසනීප වුහොත් තමන්ගේම මෝටර් රථයෙන් කර්මාන්ත ශාලා රෝහලට යවනවා. පසුව ඔහු ට පෞද්ගලිකව මූල්‍ය උපකාර පවා කරමින් ඔහු සුවය ලැබූ විට  නිවසට ඇරලවනවා.“

“ ඔහු ආගමකට අපහාස කළා  කියන එක පිළිගන්න බැරි කතාවක්.  වසර 11ක්ම පකිස්තානයේ ජීවත්වන පුද්ගලයකු හදිසියේ එහෙම වෙන්න විදිහක් නෑ. ඔහු මිනිස්සුන්ට පවා ගරු කළ අයෙක්. ආගමකට අපහාස කිරීමක් වුණේ නෑ.“

මෙම ආයතනයට විදේශ කණ්ඩායමක් පැමිණෙන්ට සිටියා. ඔහු හොරුන්ට එරෙහිව දැඩි ලෙස විනය පියවර ගත්තා. අලස පුද්ගයන්ට එරෙහිව පියවර ගත්තා. එහෙත් ඔහු කර්මාන්ත  ශාලාව වගේම සේවකයන්ගේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රමිතීන් වැඩි දියුණු කිරීමට උදව් කළා. එතන සිදුවුණේ පෞද්ගලික පලිගැනීමක් ආගමික අපහාසයකට පරිවර්තනය වීමයි. “

තවත් පකිස්තාන පුද්ගලයකු එවැනි සටහනක් සමාජ මාධ්‍ය  තුළ තබා තිබුණි.

“ඔහු ඉවත් කළා  කියන්නේ යම් දේශපාලන සංවිධානයකට අයත් පෝස්ටරයක්. කර්මාන්ත ශාලාවක් තුළ එවැනි පෝස්ටර ප්‍රදර්ශනයට සාමාන්‍යාධිකාරීවරයා විරුද්ධ වීම සාමාන්‍යයි. දේශපාලන පොස්ටර ආයතන තුළ තහනම් කළ යුතුයි. මේ විදිහට ගියොත් පකිස්තානයේ රැකියාවක් කරන්න ආයෝජනයක් කරනන් කිසිදු විදේශිකයකු එන එකක් නෑ. “

තවත් පකිස්තාන ජාතියකු අපෙක්ෂා භංගත්වයකින් යුතුව එවැනි සටහනක් සමාජ මාධ්‍ය තුළ තබා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම එරට මාධ්‍ය ශ්‍රි ලංකාවේ ජනතාවගේ මිත්‍රශීලී සාමකාමී ස්වභාවය ඉහළින් අගය කොට තිබූ අතර පකිස්තානයේ අපනයන සංවර්ධනයේ දී සහ එරට විදේශ විනිමය ඉපැයීම්වලදී මිය ගිය ප්‍රියන්ත කුමාර   වගේම තවත් ඉහළ කළමනාකාරීත්ව වගකීම් දරන ශ්‍රි ලාංකිකයන් ගණනාවක්ම සිටින බව සඳහන් කරයි. ඔවුන් බොහෝමයක් කරච්චිය පසුබිම් කරගෙන පකිස්කානය වෙනුවෙන් සේවය ලබා දෙන බවත් මෙ සිදුවීම තුළින් ඔවුන් කලකිරීමට පත්ව රට හැර ගියහොත් එය ඔවුන්ගේ ආර්ථිකයටද බලපෑමක් වනු ඇති බවත්  එම මාධ්‍ය වාර්තාවල සඳහන් විය. .   

 

Exit mobile version