තිස්සමහාරාමයේ ගිනි අවි කම්හලක් වටලයි!

අමිල ශ්‍රී සම්පත් –   

තිස්සමහාරාම කාවන්තිස්සපුර ප්‍රදේශයෙන් ගිනි අවි කම්හලක් තිස්සමහාරාම පොලිසිය විසින් වටලා තිබේ.

මෙම පුද්ගලයා කම්මල්කරුවකු ලෙස පෙනී සිටිමින් ගිනි අවි නිශ්පාදනය කර ඇත.

එම ගිනි අවි සෑදු පුද්ගලයාත්  කම්හලේ   නිෂ්පාදනය කරනු ලැබූ ගිනි අවි පහක් හා ගිනි අවි සෑදීමට ගන්නා උපකරණ තොගයක් ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත.


කම්මල වැටලීම සිදුකරන අවස්ථාවේදී  මෙම කම්හල්කරු  ගිනි අවියක් නිෂ්පාදනය කරමින් සිටි බව පොලිසිය කීවේය.

ගිනි අවිය සඳහා යොදාගනු ලබන යාන්ත්‍රික කොටස් කිහිපයක් ද කම්හල ආසආසන්නයේ වලදා තිබියදී සොයා ගැනීමට වැටලීම් කණ්ඩායම සමත් වී තිබිණි.

තමන් විසින් නිශ්පාදනය කළ ගිනි අවියක් කම්හල්කරු අලෙවි කර ඇත්තේ රුපියල් 15 000 සිට 20000 දක්වා මිලකටය.   මෙම ගිනි අවි වැඩි වශයෙන් මිලදී ගෙන ඇත්තේ දඩමස් ජාවාරම් කරුවන්ය.

තිස්සමහාරාම යාල ආශ්‍රිතව දඩමස් ජාවාරම ඉතා බහුල වශයෙන් සිදුකරන බවට තිස්සමහාරාම පොලිස් බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරු මත  තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති උපදෙස් පිට බලපත්‍ර රහිත ගිනිඅවි සොයා විශේෂ විමර්ශනයක දී දඩමස් ජාවාරම්කරුවෙක් ලබා දුන් තොරතුරක් මත පොලිසිය විසින් මෙම කම්හල වැටලීම් කර තිබිණි.

කම්හල්කරුගෙන්  ගිනි අවි මිලදී ගත්  සැකකරුවන් තිදෙනෙක් ද තිස්සමහාරාම පොලිසියේ අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප –

 

 

Exit mobile version