ත්‍රී කුණාමලයේ පාසල් වසා දැම්මත් රටේ අනෙක් පාසල් වහන්නෙ නෑ – අධ්‍යාපන අමාත්‍යාංශය

ත්‍රීකුණාමලය අධ්‍යාපන කලාපයේ පිහිටි පාසල් 85න් පාසල් 11ක ඉගනුම ලබන සිසුන් 12ක් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වීම නිසා ත්‍රී කුණාමලය අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් සතියක කාලයක් වසා දැමීමට තීරණය කළබව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් පැවසුවාය.

පසුගිය සතියක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිත පාසල් සිසුන් වාර්තා වී තිබිණි. පසුගිය 19 දා පාසල් ආරම්භ වීමෙන් පසු මේ දක්වා  මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පමණක් පාසල් 15ක දරුවන් 78 දෙනෙක් නිරෝධායනය කර ඇති බවත් දරුවන් 10 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වී ඇති බවත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේවෙතත් දිවයිනේ අනෙකුත් පාසල් වසා දැමීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ කීවේය.


Exit mobile version