තව සති 08යි… වසංගතය ඉවරයි… ආචාර්ය ජීවන්දර තමන්ගේ අනුමානය කියයි!

එන්නත් කරණයේ සාර්ථකත්වය සහ මේ වන විට රටේ කොවිඩ් වෛරසය පැතිරෙමින් ආසාදනය වෙමින් යන වේගය තක්සේරු කිරීමේ දී ඔක්තොම්බර් මාසය අවසාන සතිය වනවිට රටේ ජනතාව තුළ මෙම වසංගතයට එරෙහිව ප්‍රතිශක්තියක් ඇති වී මේ අතිශය පීඩාකාරී තත්වය පහව යනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

එසේ වනු ඇත්තේ පීඩාකාරී නව ප්‍රභේදවලින් කරදරයක් ඇති නොවුනහොත් පමණක් බවද ඔහු කියයි.

මේ බව ඔහු ප්‍රකාශ කළේ ඊයේ විශේෂ රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමිනි.


“මෙයින් අදහස් වන්නේ සමාජයේ  ස්ථාවර ප්‍රතිශක්තිකරණ තත්වයක් …  මෙම ප්‍රතිශක්තිකරණය ඇතිවෙන ක්‍රම දෙකක් තියනවා. එකක් එන්නත්කරණයෙන්. අනෙක ස්වභාවිකව රෝගය වැළඳී සුව වීමෙන්. ලංකාවේ රෝග ව්‍යාප්තිය හා ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙළ  ගැන හිතනකොට මේ තත්වය ඉතා ඉක්මනින් ලබා ගනී.

මේ වනවිට වයස අවුරුදු 30ට වැඩි  සියටය 60ක් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අය. තිහට අඩු අයට බොහෝ දෙනෙකුට රෝගය ස්වභාවිකව හැදිලා සුවවෙලා තියනවා.  මේ දෙකම එකතු උනාම මගෙ පුද්ගලික අනුමානය සැප්තැම්බර් අග වෙනකොට අපට සැලකිය යුතු ලෙස රෝගීන් අඩු වේවි.  රෝගීන් අඩු වීම වාර්තා වෙලා මරණ අඩු වීම සඳහා තව සති දෙකක් යනවා. ඔක්තොම්බර් මැද වනවිට සැලකිය යුතු ලෙස මරණ සහ රෝගීන් නිසැකවම අඩුවේවි..

ඒ වගේම රජයේ ඉලක්කය සැප්තැම්බර් 10 වනවිට අවුරුදු 30ට වැඩි ජනගහණයෙන් සියයට සීයක් එන්නත්කරණය කර නිම කරන්න. ඒ කියන්නෙ සැප්තැම්බර් 10න් සති දෙකක් ගිය තැන, එනම්  සැප්තැම්බ්ර් 24 සහ 25 වන විට මේ අයට නිවැරදි ප්‍රතිශක්තිය ඇවිත්.

නව ප්‍රභේදවලින් කරදරයක් වුනේ නැතිනම් මාස දෙකකින් රට මේ වසංගතයෙන් මිදී යහපත් තැනකට යාවි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආචාර්ය ජීවන්දර පැහැදිලි කළේය.

Exit mobile version