තව දින 24ක් යනතුරු පෙට්‍රල් නැවක් නෑ… එතකම් රටට තියෙන්නෙ මෙට්‍රික් ටොන් 5000ක සංචිතයක්…

ඩීසල් නැවක් එන්නෙ සති දෙකකින්... එතකම් රටටම තියන සංචිතය මෙට්‍රික් ටොන් 11000යි... සියලු පොදු ප්‍රවාහන සේවාත් නවතින ලකුණු!

fuel

යළි පෙට්‍රල් තොගයක් රටට එන්නේ තව දින 24කින් එනම්  ජුලි  මස  22 වන දා බව  අග්‍රාමාත්‍ය උපදේශක සාගල රත්නායක පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (29) පස්වරුවේ පුවත්පත් කර්තෘවරුන් සහ රූපවාහිනි හා ගුවන් විදුලි ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන්  හමුවූ  අවස්ථාවේ දී වත්මන් තත්ත්වය පිළිබඳ  තත්වය පිළිබඳව මෙම පැහැදිලි කිරීම සිදුවී තිබිණි.

මෙම සාකච්ඡාවේ දී හෙළි වූ කරුණු අනුව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 33500ක් රැගෙන තවත් දින 24කින්      නෞකාවක්   දිවයිනට යළි ළඟාවන තුරු  රටේ ඇත්තේ මෙට්‍රික් ටොන් 5000ක සීමිත   සංචිතයකි.   ජූලි මස 11 සහ 15 අතර  ඩීසල් මෙට්‍රික් ටොන් 38000ක් සහිතව ඩීසල් නෞකාවක් එනතුරු ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇත්තේ ඩීසල් මෙට්‍රික් ටොන් 11000ක සංචිතයක් පමණි.

මෙම තත්වයට හේතුව මෙතෙක් රටට ඉන්ධන සැපයුම්කළ සැපයුම්කරුවන්ට ඩොලර් මිලියන 650ක ගෙවීම් පැහැර හැරීම ය.


මේ අතර, දිවයිනට ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙනඒමට නියමිතව ඇත.  පළමු ගෑස් තොගය වන මෙට්‍රික් ටොන් 3,700 ක්රැගත් නෞකාව ජුලි මස 06 වන දා දිවයිනට ලඟාවීමට නියමිත බවත්, ජූලි 31 වැනිදා වනවිට දිවයිනට ගෙන්වන සමස්ත ගෑස් තොගය මෙට්‍රික් ටොන් 33,000 ක් බවත් අගමැතිවරයා පැහැදිලි කර තබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ රටේ අර්බුද අතරින් මුලින්ම නිමා වනු ඇත්තේ ගෑස් අර්බුදය බව ලිට්‍රෝ ගෑස් සභාපති මුදිත පීරිස් මාධ්‍යයට පවසා තිබිණි. ඔහු කීවේ ගෑස් සිලින්ඩරයක් සඳහා තවත් රුපියල් 250ක පමණ මිල වැඩිවීමක් අපේක්ෂා කරන බවය.

 

Exit mobile version