තව දින 03කින් විවාහ වීමට සිටි තරුණයෙක් නිදි යහනේම මරා දමලා… 

ලලිත් චාමින්ද –

අක්මිමන කදුරුගස්හේන ප්‍රදේශයේ නිවසක නිදි යහනේ සිටි තරුණයකු   තියුණු ආයුධයකින් පහරදි කපා කොට ඝාතනය කොට ඇති බැව් අක්මිමන පොලිසිය පවසයි.

අද (26) මධ්‍යම රාත්‍රි 12.30ට පමණ මෙකි ඝාතනය වි ඇති බවට  විමර්ශනවලදි අනාවරණය වි ඇත.  මෙසේ ඝාතනයකොට ඇත්තේ 24 හැවිරිදිවියේ පසුවන අවිවාහක තරුණයෙකි. මෙකි තරුණයා මෙම මස 29 වැනිදින විවාහ විමට සිටි අයෙකු බවද පොලිසිය පවසයි. ඊයේ (25) රාත්‍රි 9.00ට පමණ මොහු රාත්‍රි ආහාර ගෙන නින්දට ගොස් ඇත. ඝාතනයට ලක්වු තරුණයා නිවසේ මැද කාමරයේ නිදාගෙන සිටි අතර පියා සහ ආච්චි ඇතුළු පවුලේ අය ද නිවසේ සිට ඇත.

ඝාතනයට ලක්වු තරුණයා  නිදා සිටි කාමරය දෙසින් කෙදිරිගන ශබ්දයක් ඇසි  තරුණයාගේ පියා මධ්‍යම  රාත්‍රියේ දි කාමරයට ගොස් බලනවිට ඔහු ලේ පෙරාගෙන සිට ඇති බව පොලිසිය පවසයි. පසුව මොහු 1990 හදිසි ගිලන් රථ සේවාවට අයත් ගිලන් රථයකින් කරාපිටිය රෝහලට රැගෙනවිත් ඇත. තියුණු ආයුධයකින් පහරදිම නිසා මෙකි තරුණයාගේ හිසට බරපතල තුවාල වි ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත. ඝාතනයට ලක්වු තරුණයා කුරුඳු තැලිමේ නිරත අයෙකි. නිවසේ පිටුපස දොර අගුල් දැමිමට නොහැකි  අතර පිටුපස දොරින් ඇතුල්  වු අයෙකු මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවද පොලිසිය සැකකරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තරුණයාගේ මෘත දේහය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත්කොට ඇත.  මුලික මහෙස්ත්‍රාත් පරික්ෂණය හා පශ්චාත් මරණ පරික්ෂණය අද (26) පැවැත්විමට නියමිතව ඇත. පොලිසියේ සොකෝ නිලධාරින් පැමිණ ස්ථානිය  පරික්ෂණයක් පැවැත්විමටද නියමිතව ඇත. අක්මිමන පොලිසිය මෙකි ඝාතනය සම්බන්දයෙන් පරික්ෂණ පවත්වයි.

Exit mobile version