තවම පී.සී.ආර්. රිපෝට් ආවෙ නෑ… අනවශ්‍ය විදිහට කලබල වෙන්න එපා…

තොණ්ඩමන්ගේ මළ ගෙදර දී කොවිඩ් හැදුණු බවට සැක කරන මාධ්‍යවේදියා ලංකාසරට කී කතාව

උපේක්ෂා උඩුවැරැල්ල-

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට ගෙන යන ප්‍රචාරය අසත්‍ය වූවක් බව පතන ග්‍රෙඩ්විල් වත්තේ පදිංචි විසිහය හැවිරිදි මාධ්‍යවේදියකු වන ගනේෂන් ක්‍රිෂාන්තන් ප්‍රකාශ කරයි. 

අදාල සිද්දිය සම්බන්ධයෙන් ක්‍රිෂාන්තන් මෙලෙස විස්තර කලේය.

“ පසුගිය ජූනි පළමුවැනි දින උදේ සිට මගේ උගුර තරමක් රිදෙන්න පටන් ගත්තා. හවස් වෙද්දි වැඩි වුණා. මම ජූනි දෙවෙනිදා උදේ  පතන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය ගනේෂ් මහතා සහ  මහජන සෞඛ්‍ය පරික්ෂක සෞන්දර් රාසවන් මහතා දැනුවත් කොට දික්ඔය රෝහලට ගියා . එහිදි වෛද්‍යවරු මාව ඉතා හොඳින් පරික්ෂා කලා. මට උණ තිබුණේ නැහැ. අදටත් උණ නැහැ. වෛද්‍යවරු මට බෙහෙත් ලබා දුන්නා. ඒ බෙහෙත් වලට මට දැන් හොඳයි. තවම පීසිආර් රිපෝට් එක ආවේ නැහැ…මට කෑම හදන පුද්ගලයාත් රියදුරු මහත්තයාත්  රිපෝට් එක එන තුරු නිවසේ නිරෝධායනය වෙනවා.  ” 


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගනේෂ් ක්‍රිෂාන්තන් හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ අභාවය සිදුවූ අවස්ථාවේ සිට බත්තරමුල්ල නිල නිවස , පාර්ලිමේන්තුව , කොත්මලේ , කොටගල , නෝර්වුඩ් පිට්ටනිය යන ස්ථානවෙත ගොස් මරණය හා ඒ අවස්ථා ආවරණය වන ලෙස මාධ්‍ය කටයතු කර තිබේ. දුරබැහැර ඇවිදිමින් ජනතාව සමග ගැටීමට සිදු වූ බැවින් පීසීආර් පරික්ෂණයක් කිරිම සුදුසු බව දික්ඔය රෝහලෙන් දැනුම් දී ඇත. ඒ අනුව 2020.06.02 වෙනි දින ක්‍රිෂාන්තන් ගෙන් ශ්ලේෂ්මල පටල ලබා ගත් දික්ඔය රෝහල් වෛද්‍ය  කණ්ඩායම  පීසීආර් වාර්තාව අද 3දා සවස ලබා දෙන බව දන්වා තිබේ. මේ මොහොත වනතුරුත් පීසීආර් වාර්තාව පැමිණ නොමැති අතර ඔහුටත් ඔහු ගේ අරක්කැමියා සහ රියදුරුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට ප්‍රචාරය වන්නේ  කෙසේදැයි මැදහත් පිරිස් විමසා සිටිති.  

 

Exit mobile version