“තවම ඩෙල්ටා රැල්ල පටන්ගත්තා විතරයි – ඉක්මන් පියවර ගන්න”- වෛද්‍ය චන්දිම ජීවන්දර ඉල්ලයි

කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම තුළ තවමත් ගතවන්නේ මුල් අවධිය බවත් එය රටේ බොහෝ ප්‍රදේශවල තවමත් පැතිරී නොමැති බවත් එම ප්‍රදේශවලට පැතිරීමට පෙර වහාම පියවර ගත යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ අසාත්මිකතා සෛල ජෛව විද්‍යා ඒකකයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

මෙම කොවිඩ් ඩෙල්ටා රැල්ල රටපුරා පැතිරීමට පෙර ඊට අදාළ පියවර රජය විසින් ගත යුතු බව ඔහු අවධාරණය කරයි.

‘ද අයිලන්ඩ්’ පුවත් වාර්තා කරන්නේ මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ වාර්තා වන කොවිඩ් ආසාදිතයන් අතර 90%ක් ඩෙල්ටා ප්‍රභේදය තහවුරු වී තිබේ.


එමෙන්ම ගම්පහ සහ තවත් සැළකිය යුතු සංඛ්‍යාවක් දකුණු පලාතේද ඩෙල්ටා ආසාදිතයින්‌ සිටින බවට මේ වන විට තහවුරු කර තිබේ.

කෙසේ වුවද නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවලින් තවමත් වැඩි වශයෙන් වාර්තා වන්නේ ඇල්ෆා ප්‍රභේදය බවත් ඒ අනුව තවත් රටේ දිස්ත්‍රික්ක ගණනාවක ඩෙල්ටා ප්‍රභේදය දැඩි ලෙස පැතිර ගොස් නැති බව තම පර්යේෂණ වල දී හෙළිවූ බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

මෙම ඩෙල්ටා ප්‍රභේදය පසුගිය 2019 චීනයේ වූහාන් පළාතෙන් සොයාගත් covid-19 වෛරසයට සාපේක්ෂව දෙගුණයක් වේගයෙන් පැතිර යන බව ආචාර්ය ජිවන්දර මහතා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය ආරක්ෂාවේ මූලික පියවර දැඩි ලෙස අනුගමනය කළත් ඉතා සුළු වේලාවකදී පවා මෙම වෛරසය අප ශරීරයට ඇතුළු වීමේ ඉඩකඩක් පවතින බවද හෙතෙම අවධාරණය කළේය.

Exit mobile version