තවමත් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට ප්‍රතිපාදන නෑ… ප්‍රතිපාදන ලැබෙනවා නම් මාසයක් තුළ සියලු මුද්‍රණ කටයුතු සම්පූර්ණ කළ හැකියි…

Government Printer Gangani Kalpana Liyanage said

ගංගානි ලියනගේ

අවස්ථා ගණනාවක දී  මහා භාණ්ඩාගාරයෙන්  ඉල්ලීම් කළත් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මෙතෙක් රජයේ මුද්‍රණාලයට ලැබී නැති බැවින්    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු අදවනතුරු ආරම්භ කර නොමැති බවත් ඒ පිළිබඳව අද (16) ලිඛිතව මැතිවරණ කොමිසම දැනුම්වත් කරන බවත්   රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනා ලියනගේ   පවසයි.

අධිකරණ නියෝග ප්‍රකාරව  මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රතිපාදන වෙන් කරමින් සිදුකර තිබු දැනුම්දීමට  අනුව මුද්‍රණාලයාධිපතිනිය  පෙරේදා දිනයේ ද   මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස මහ භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කළ නමුත් ඒ සඳහා ද කිසිම ප්‍රතිචාරයක් නැති බව ඇය කියයි.

පළාත් පාලන මැතිවරණයේ කටයුතු ආරම්භ කිරීම සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 200ක මුදලක් අවශ්‍ය බව පවසන රජයේ මුද්‍රණාලය ප්‍රතිපාදන ලැබී දින 06ක් තුළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ලබාදීමට හැකිවන බව පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනෙක් සියලුම මුද්‍රණ කටයුතු මාසයක් තුළ සම්පූර්ණ කළ හැකි බව ද  රජයේ මුද්‍රණාලය අද මැතිවරණ කොමිසම වෙත දැනුම් දීමට නියමිතය.


 

Exit mobile version