තඹ හොරු හැමතැනම – ශ්‍රීලනිප මහගෙදරත් තඹ සොරකමක්

රට තුළ තඹ කම්බි තඹ වයර් ආදිය සොරා ගැනීමේ ප්‍රවණතාවක් මතු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.

ඩාලි පාර පිහිටි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ සවිකර තිබූ වායු සමීකරණ යන්ත්‍ර හතරක තඹ කම්බි සහිත කොටස් සොරකම් කිරීම සම්බන්ධයෙන් කොළඹ 10 පදිංචි 23 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මත්කුඩුවලට ඇබ්බැහි වූ පුද්ගලයකු බවට වාර්තා වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු මරදාන පොලිසිය විසින් අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.


එමෙන්ම දෙමටගොඩ පිහිටි දුම්රිය අංගනයේ නවතා තිබෙන දුම්රිය මැදිරිවල වයර් සහ තඹ කම්බි සොරකමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත ලැබී තිබී ඇත.

පැමිණිල්ලේ සඳහන් වී ඇත්තේ දුම්රිය මැදිරිවල විද්‍යුත් පරිපථ එකිනෙකට සම්බන්ධ කරන තඹ කම්බි සොරාගැනීමක් සම්බන්ධවයි.

මේ ආකාරයට සොරාගන්නා ලද තඹ වල වටිනාකම රුපියල් ලක්ෂ තුනකට ආසන්න බවට ධාවන කළමනාකරු විසින් කරන ලද පැමිණිල්ල පිළිබඳව විමර්ශනය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අදාළ වරද සිදුකරන ලද හැට දෙහැවිරිදි පුද්ගලයකු දෙමටගොඩ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු බේස්ලයින් පාර පදිංචිකරුවෙක් වන අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහුට එරෙහිව රජයේ දේපොළක් සොරකම් කිරිම සහ අනවසරයෙන් දුම්රිය අංගනයට ඇතුළුවීම යනු චෝදනා යටතේ ඉදිරියේදි නඩු පැවරීමට නියමිතව තිබේ.

සොරකම් කරන ලද භාණ්ඩ කොටසක් සොයාගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔබ මිලදී ගන්නා තඹ කම්බි තඹ වයර් ආදිය ද ආදිය ද සොරකම් කරන ලද භාණ්ඩ විය හැකි බැවින් සොරකම් කරන ලද භාණ්ඩ මිලදී ගැනීම ද වන දක්වන බැවින් ඒවා මිලදී ගැනීමේදී සැලකිලිමත් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙයි.

Exit mobile version