තමන්ව “යූස් කළ“ ආණ්ඩුවේ ප්‍රධානීන් කීප දෙනෙකුගේ නම් ගම් කියන්න ගීතා සැරසෙයි….

“මා කැමති නෑ මාව යූස් කරනවට“ එසේ කියන්නී පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාර සිංහය.

ඇයව යූස් කරමින් ඇයගෙන්   වහලියක් සේ වැඩ ගත් ආණ්ඩුවේ ප්‍රධානීන් කීප දෙනෙකුගේ නම් ගම් අවසාන අවස්ථාවේ තමන් හෙළිදරවු කරන බව ගීතා කියා සිටියේ හිරු නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

“ඒකාබද්ධ විපක්ෂය හදන්න මම කරපු වැඩ… අම්මෝ… ඒව දන්නවා නම් මේ අයට රෙද්දක් ඇඳන් පාරෙ බැහැලා යන්න වෙන්නෙ නෑ. මම කවද හරි මගේ ජීවිත ඇත්ත ජීවිත කතාව ලියනවා…“


බොරෙු පොරොන්දු දෙමින් තමන්ට එසේ සැලකුවා නම් මේ ආණ්ඩුවෙන් කාන්තාවන් වෙනුවෙන් නම් කිසි දෙයක් සිදුනොවන බව ඇය එම සම්මුඛ සාකච්ඡාවේ දී කීවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට වසර කීපයකට පෙර තමන් ද ගෑස් අනතුරකට මුහුණ දුන් බවත් මේ සිදුවෙමින් ඇති ගෑස් අනතුරුවලට රජය වගකිවයුතු බවත් ඇය පැවසුවාය. ඇය කීවේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි ඇයටත් වල් කතා කියා ඇති බවය.

Exit mobile version