ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රමෝපාය අප්‍රේල් එළියට දමයි !

Nandalal-W

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රමෝපාය ලබන අප්‍රේල් මාසයේදී නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බවත්, වාණිජ ණයකරුවන් සමඟ සාකච්ඡා කිරීම මූල්‍ය අරමුදලේ සහන පැකේජය පිළිබඳව සමාලෝචනය කිරීමට පෙර සිදුකරන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රමෝපාය තුළ ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් කෙටි කාලීනව, මධ්‍යකාලීනව හා දීර්ඝකාලීනව සිදු කරන්නේ කුමක්ද යන්න පිළිබඳව පැහැදිලිව ප්‍රකාශයට පත් කරන බවත්, එහි අරමුණ ශ්‍රී ලංකාව විදේශයන්ට පවතින ණය දීර්ඝ කාලීනව ස්ථාවරත්වයකට පත් කිරීම බවත්, මහ බැංකු අධිපතිවරයා තවදුරටත් සඳහන් කර ඇත.

රට රටවල් අතර ද්විපාර්ශවික ණය සඳහා මේ වන විට එකඟත්වය පළ වී ඇති අතර, පෞද්ගලික ණය දෙන්නන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණය හා ඉලක්ක පිළිබඳව ද ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිත බව ඔහු රොයිටර් පුවත් සේවයට තව දුරටත් පවසා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහ බැංක අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දීමට නියමිත ඩොලර් බි. 2.9 ක මූල්‍ය සහනයට අදාළ ගිවිසුමට අනුව ඉදිරි වසර 10 ක කාලයක් සඳහාවත් අවම වශයෙන් ණය ස්ථාවරත්වයක් පවත්වාගත යුතු බව ය.


Exit mobile version