ණය ගත්තු ලංකාව  ඩොලර් බිලියන 2.5ක ණයක් ලෝකයට දීමට සැරසෙයි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගත් මූල්‍ය පහසුකමට අනුව ශ්‍රි ලංකාවට මෙම වසර තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5කට ආසන්න මුදලක් ණයක් ලෙස ඇමෙරිකානු ඩොලර් සහ යුරෝවලින් ගනුදෙනු කරන ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතන වෙත ලබා දිය යුතු බව සඳහන් වේ.

ඊට  අපනයනවලින් සහ  විදේශවලින් එවනු ලබන ප්‍රේෂණවලින් එකතු කරන අනිවාර්ය ඩොලර් බිලියන 1.4 ක් ද ඇතුළත් බව එකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කරයි .

වසර හතරක් පුරා  ලැබෙන ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකම ට අනුව එහි පළමු ණය කොටස ලෙස පසුගියදා ඩොලර් මිලියන 331.2ක් ලැබුණු අතර මෙම වසර තුළ සම්පූර්ණයෙන් ඩොලර් මිලියන 406.12ක් ලැබීමට නියමිතය.

කෙසේ වුවද  2023 දී ශ්‍රී ලංකාව මීට පෙර මුදල් අර්බුදයකදී ලබාගත් IMF ණයෙන් ඩොලර් මිලියන 256.4 ක් ආපසු ගෙවිය යුතුය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2023 දී ශ්‍රී ලංකාවේ දළ සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 2.5 කින් ඩොලර් බිලියන 4.4 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර එයින් ඩොලර් බිලියන 2.5ක් මූල්‍ය අරමුදල් එකඟතාවන්ට අනුව ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොලට ණයක් ලෙස ලබා දිය යුතු වේ

Exit mobile version