ඩොලර් මිලියන 300 ක IMF  පළමු ණය කොටස මේ මස අග !

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දීම සඳහා මූලික එකඟත්වය පළ කර ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකමේ මුල් පියවර සෙ ඇමෙරිකානු ඩොලර් 300ක මුදලක් මෙම මාසයේ අගට හෝ ලබන මාසයේ මුල් සති දෙක අතර කාලයේ ලැබෙනු ඇති බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා අතර පසුගිය සිකුරාදා පැවති දුරකථකන සාකච්ඡාවේ දී ද මේ පිළිබඳව සාකච්ඡා කෙරී ඇති බවත් මූල්‍ය අරමුදල අපේක්ෂා කරන මූලික අවශ්‍යතා අතරින් චීනයේ ණය ප්‍රතිව්‍යූහගතකරණයට අවශ්‍ය එකඟත්වය හැර සෙසු අවශ්‍යතා  සියල්ලම පාහේ මේ වනවිට සම්පූර්ණ වී ඇති බවත් මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

ජනාධිපති වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කළමනාකාර අධ්‍යක්ෂිකාව අතර පැවැති සූම් තාක්ෂණය හරහා පැවති සාකච්ඡාවට  අනුව වසර හතරක් කාලයක් පුරා ලැබෙන ඩොලර් බිලියන 2.9ක ණය  පහසුකමට අදාළ එකඟතා ගිවිසුම සඳහා ඉදිරි සතියේදී අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබෙනු ඇති බවත් ඒ අනුව එම ගිවිසුම ට අත්සන් කිරීම සිදුවනු ඇති බවත් අනාවරණය කළේය.එම ගිවිසුමට එකඟවීමත් සමඟ ඩොලර් මිලියන 300ක පළමු ණය කොටස නිදහස් කිරීමට අරමුදල ක්‍රියා කරනු ඇත.  මෙම මුදල් විදේශ සංචිත තර කිරීමට පමණක් යෙදවීම පිළිබඳවද ශ්‍රි ලංකාවට එකඟ වන්නට සිදුවනු ඇති බව සඳහන් කළ මෙම ආරංචි මාර්ග ශ්‍රි ලංකාව මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් දක්වන ප්‍රගතිය මත ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව වැනි මූල්‍ය ආයතනද ශ්‍රි ලංකාව සඳහා ණය ආධාර ලබා දීමට එකගත්වය පළ කර ඇතයි සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද රටේ උද්ධමනකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රි ලංකාවේ මූල්‍ය බලධාරීන් මෙතෙක් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල සෑහීමකට පත්ව නැති අතර ඔවුන් අවධාරණය කර ඇත්තේ පොලී අනුපාතික තවදුරටත් ඉහළ දැමීමට කටයුතු කළ යුතු බවය. මේ සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිතිවරයා සහ මූල්‍ය අරමුදල් කළමනාකාර අධ්‍යක්ෂවරිය අතර පැවති සාකච්ඡාවේ ද අවධාරණය කෙර ඇති අතර ඊට පසුවද එනම් සිකුරාදා මහ බැංකු අධිපතිවරයා රටේ මූල්‍ය ප්‍රතිපත්ති සමාලෝචනයේදී ප්‍රකාශ කළේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පාදක ඒකක 100කින් එනම් සියයට 15.5 සිට සියයට 16.5ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කළ බවයි.


Exit mobile version