ඩොලරයට රුපියල් 240ක් නුදුන්නොත් ශ්‍රමිකයන් කොපමණ රට යැව්වත් ඩොලර් අර්බුදය විසඳෙන්නෙ නෑ…

කම්කරු ඇමති කැබිනට් එකට කරන්න හදන අලුත්ම යෝජනාව...

ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් විසින් ඔවුන්ගේ වැටුප් ප්‍රේෂණ සඳහා පරිවර්තනය කරන සෑම එක්සත් ජනපද ඩොලරයක් සඳහාම  භාණ්ඩාගාරය විසින්   රුපියල් 240  ක් ගෙවිය යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා   පැවසීය.

රට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදයට ඇති එකම විසඳුම මෙය බවත් එම යෝජනාව ඉදිරියේ දී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තුවන බවත්  ඇමතිවරයා  ප්‍රකාශ කළේය.

ඉහළ විනිමය අනුපාතිකයක් ලබා නොදුනහොත් විදේශගත ශ්‍රමිකයින් ප්‍රේෂණ සඳහා නිල නොවන මාර්ග වෙත යොමුවන බව ඔහු පෙන්වා දුන්නේය.


මෙම ගැටලුව විසඳීමට රජය අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගෙන ඇති ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග අසාර්ථක වනු ඇතැයි අමාත්‍ය වරයා කීවේය.

ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් එතෙර යැවුවද ඩොලර් මෙරටට නොඑවීම නිසා විදේශ විනිමය අර්බුදයට විසඳුමක් නොලැබෙනු ඇති බව ද  ඔහු පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කම්කරු අමාත්‍යවරයා පැවසුවේ, නිල නොවන ක්‍රම මගින් ඩොලරයක් සඳහා රු. 240ක් ලබා දෙන විට රජය විසින් ප්‍රේෂණ සඳහා ලබා දෙන්නේ  රුපියල් 202ක් බව ඇමතිවරයා කීවේය.

Exit mobile version