ඩෙවෝන් ඇල්ලෙන් පහළට වැටුණු තරුණිය ගැන තවමත් කිසිම හෝඩුවාවක් නෑ…

ඊයේ සවස (18) හැටන් දිඹුල පතන ඩොවෝන් ඇල්ලෙන් පහළට ඇද වැටී අතුරුදන් වූ දහනව හැවිරිදි තරුණිය ගැන කිසිදු හෝඩුවාවක් තවස සෙයා ගැනීමට නොහැකි වූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

යුද හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් පිරිසක් ප්‍රදේශවාසින්ගේද සහයෝගය ඇතිව අද (19) දිනය පුරාත් මෙහෙයුමක් දියත් කරනු ලැබුවත් තරුණිය සොයා ගැනීමට නොහැකි වී ඇත.

මෙසේ අතුරුදන්ව ඇත්තේ ලිදුල පොලිස් වසමට අයත් වොල්ට්‍රිම් වතුයායේ ලෙන් තෝමස් කොටසේ පදිංචි මනි පවිත්‍රා (19) නැමැති තරුණියකි.

අතුරුදහන් වි ඇති තරුණිය ඇයගේ යෙහෙළියන් තිදෙනෙකු සමග ඊයේ (18) පස්වරු 1.00 ට පමණ ඩෙවොන් දිය ඇල්ල නැරඹීමට ගොස් ඇත. දිය ඇල්ලට ඉහළින් ඇති ආරක්ෂක වැට පැන ගල් තලාව මතින් ඩෙවෝන් ඇළට බැස පා සේදිමට උත්සහ කළ අවස්ථාවේ ගල් තලාවෙන් ලිස්සා ගොස් ඇය දිය ඇල්ලෙන් පහළට ඇද වැටී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

ප්‍රදේශවාසීන් පවසා තිබුනේ වැසි සමයත් සමග මේ ගල් තලාව අධික ලෙස ලිස්සා සුළු බවත්, ඉතාම දැඩි ජල ධාරාවක් ඇල්ලෙන් පහළට ඇද වැටෙන බවත්ය.

අතුරුදන් වූ තරුණිය සොයන පිරිස්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යුද හමුදා භට පිරිස් ,දිඹුල පතන පොලීසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව ඊයේ (18) දින පස්වරුවේ සිට අතුරුදහන් වු තරුණිය සොයා ඩෙවොන් ඇළෙහි සහ ඩොවොන් දිය ඇල්ල ආශ්‍රිතව මෙහෙයුමක් දියත් කළද අතුරුන් වූ තරුණිය සොයා ගැනීමට නොහැකි වී ඇත.
අතුරුදන් වූ තරුණිය සොයා ගැනීමට නාවික හමුදාවේ කිමිදුම්කරුවන්ගේ සහයෝගය ලබා ගැනිමට පියවර ගෙන තිබිණි.

ඩෙවෝන් දිය ඇල්ලේ ජලකඳ ඉහළ සිට අඩි 297 ක් ඇද හැලෙන බවත‍් ඒ අතරතුර විශාල වතුර වලක්ද පිහිටා ඇති බැවින් ඒ අසළට යාම දැඩි අවදානමක් බවත් දිඹුල පතන පොලිසිය පවසයි.

Exit mobile version