ඩෙල්ටා ප්ලස් වෛරසේ බීටාට නෑකමක්

එන්නත්වලට මෙල්ල නොවන ලකුණක්
කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ නව උප විශේෂයක් වන ඩෙල්ටා ප්ලස් වෛරසය ද මේ වනවිට ඉන්දියාවේ පළාත් කිහිපයකින් සහ රටවල් ගණනාවකින් හමුවී ඇති අතර එය දකුණු අප්‍රිකානු ප්‍රභේදය එනම් බීටා ප්‍රභේදයේ ස්වරූපයට බොහෝ ම සමානකම් පෙන්වීම හේතුවෙන් එය එන්නත්වලට යම් ප්‍රතිරෝධිතාවක් දැක්වීමට ඉඩ ඇති බවට ඉන්දීය වෛද්‍ය විශෙෂඥයෝ අනතුරු අඟවති.

B.1.617.2.1/(AY.1 ලෙසින් නම් කොට ඇති මෙම උප ප්‍රභේදයේ ප්‍රෝටීන සැකස්ම බොහෝ දුරට බීටා ප්‍රභේදයට සමානකම් දක්වන බවට හඳුනාගෙන තිබේ.

මේ අනුව ඉන්දියාවේ වෛරසවල ප්‍රවේණික ද්‍රව්‍ය පිළිබඳව පර්යේෂකයකු වන මහාචාර්ය සහීඩ් ජමීල් පවසන්නේ කොවිඩ් වෛරසයේ බීටා ප්‍රභේදය ඇස්ට්‍රාසෙනිකා එන්නත හමුවේ ඔරොත්තු නොදෙන තත්ත්වයක් පැවති බවය.


එසේ ම කලින් රෝගය ආසාදනය වූ පුද්ගලයකුටද මෙම ප්‍රභේදයට ඔරොත්තු දීමේ හැකියාවක් නොමැති බවය. වය. මේ හේතුවෙන් දකණු අප්‍රිකානු රජය මිලදී ගත් ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගයම ආපසු නිෂ්පාදකයන් වෙත යැවීමට කටයුතු සිදුව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද පර්යේෂකයන් තවදුරටත් පවසන්නේ මෙම ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය සම්බන්ධයෙන් නිශ්චිත යමක් පැවසීමට තරම් පර්යේෂණාත්මක සාධක නොමැති බවය.වැඩි වේගවත් බවකින් යුතුව පැතිරීමේ ලකුණු පෙන්නුම් කරන මෙම ඩෙල්ටා ප්ලස් සම්බ්න්ධයෙන් ලෝකය පුරා අවධානයට ලක් විය යුතු බව ඔවුහු අවධාරණය කරති.

Exit mobile version